වරුණි පෙරමුණ
ගල් අඟුරු ටෙන්ඩරය අහෝසි කිරීමට මෙතෙක් ආණ්ඩුව කටයුතු කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගනිමින් සිටියදීත් රට තුළට තවමත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් පැමිණෙන බවයි.
මේවනවිට රටට පැමිණ තිබෙන ගල් අඟුරු නැව් දහසයෙන් (16) ගල් අඟුරු නැව් දාහතරක් (14) ප්‍රමිතියෙන් තොර බවට වාර්තා වන තත්ත්වයක් තුළදී එමගින් විශාල මුදලක් පාඩුවන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දී ඇතත් ආණ්ඩුව මෙම දුෂිත ගනුදෙනු සිදුකරන බව ඔහු කීය.
මෙවැනි දූෂිත ගනුදෙනුවලින් අවසානයේදි දුක් විඳින්නේ රටේ අහිංසක ජනතාව බවද ඔහු සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්විය.
කෙසේ නමුත් ආණ්ඩුව සිදුකරන හොරකම් වහගැනීමට, වංචා වහගැනීමට, දූෂණය වහ ගැනීමට, නොහැකියාව වසාගැනීමට එක බොරුවක් වහගන්න ආණ්ඩුව තවත් බොරු රැසක් සමාජ ගත කරන්න උත්සහ දරන බවක් පෙනෙන්න තිබෙනවා. ආණ්ඩුවේ වංචා, හොරකම්, වසා ගැනීමට බොරුව සමාජ ගත කිරීම හරහා රටක් දියුණු කිරීමට නොහැකියි. කෙසේ නමුත් ආණ්ඩුවේ බොරුව මහජනතාවට තේරුම් ගොස් තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය බිඳී ගියත් ජනතාවට ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් තිබුණා. අද වනවිට ජනාධිපතිවරයාත් බොරු කියන පුද්ගලයකු බවට පත්ව තිබෙනවා.

වසර මිලියනගනනක් අතීතය වර්ණවත්කළ ඉතිහාසගත මහා හෙළ රාජ්‍යයේ ස්වදේශීය හරපද්ධතියන් විණාශකර දමනා,..
ReplyDeleteහෙළ වෙදකම, හෙළ ඔෟශධ, ඡේතනාන්විකව විණාශකර දමනා දශකඅටකට අාසන්න අවජාතක වහල් වනචාරී, නූගත් යටත්විජිත රෑකඩ පාළකයන්ගේ දිගුවක් ලෙසට පවතින රජයේ, වික්‍රෘති මානසික මාලිමා හැකරැන් පත්වී යටත්විජිත වහල්පාළණය කූඨලෙසට පවත්වාගෙන යමින් , රාජ්‍ය සතු වත්කම් සහ ධනය කූඨලෙසට කොල්ලා කමින්, දූශිතලෙසට දේශීයත්වය ගණිකාවෘතියේ යොදවා, දර්ශණයක් ,දැක්මක් නොමැතිව,සමස්ථ සමාජයක්,රාජ්‍යයක් අස්ථාවර කරමින්, මහජනයා වහලුන් බවට පත්කර දමා රාජ්‍ය පාළණය කිරීමට දරනා වංචනීක උත්සාහයන් වහවහා සමස්ථ සමාජයේ දැඩි අවධානයට,.!
Hara paddathiya gana gan thoge p_ke. dan apita oka thibba kiyala hari gihinda yako
Deleteටෙන්ඩර් කැන්සල් කරලා කොහොමද අපේ පැලවත්ත පක්ශ අරමුධලට හම්බවෙන කොමිස් මුදල නැතිවෙනවා නේ.
Deleteටෙන්ඩර් කැන්සල් කරලා කොහොමද අපේ පැලවත්ත පක්ශ අරමුධලට හම්බවෙන කොමිස් මුදල නැතිවෙනවා නේ.
ReplyDeleteටෙන්ඩර් කැන්සල් කරලා කොහොමද අපේ පැලවත්ත පක්ශ අරමුධලට හම්බවෙන කොමිස් මුදල නැතිවෙනවා නේ.
ReplyDelete