ජනපතිට අඩියක් පස්සට... භාණ්ඩාගාර කොල්ලය ගැන විශේෂ ප‍්‍රකාශය නි. ඇමතිට පටවයි..


 අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් රජය සතු නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. 

මෙම මතභේදාත්මක සිද්ධිය පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන විශේෂ පැහැදිලි කිරීමක් ලබන මස 05 වන දින සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ තබනු ඇතැයි අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

අදාළ අරමුදල් අතුරුදන් වීම සම්බන්ධයෙන් දැනටමත් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහි මූලික සොයාගැනීම් ද මෙම වාර්තාවට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහජන මුදල් අවභාවිත වීමක් හෝ පද්ධතියේ පවතින දෝෂයක් හේතුවෙන් මෙම අස්ථානගත වීම සිදු වූයේද යන්න පිළිබඳව රජය විසින් මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇත.

විපක්ෂය විසින් නිරන්තරයෙන් මතු කරන ලද මෙම මූල්‍ය ගැටලුව සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කරුණු දැක්වීම මෙම විශේෂ ප්‍රකාශයේ මූලික අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බවය.

4 Comments

  1. කොලේ වහන්න උල් පන්දම් දෙන නිලධාරීන්ට තමයි මේක.ඒවට උදව් කරලා හිරේ යන්න වෙන්නේ උඹලට.මොකද හුණ්ඩු කුමාර ඇතුළු හොරු ටික ලඟදිම රට පනිනව.

    ReplyDelete
  2. නන්දලාල් රට පැන්න. එන්නෙ නෑ ලොවෙත්. දැන්ම ඉල්ල අස්වෙයල්ල හිරේ යන්න වෙයි නැත්නම් පාපිසි 159ටයි හුන්ඩුවාටයි.

    ReplyDelete
  3. ලොක්ක ට හෝදලා හෝදලා හෝදලා එපා වෙලා වත් ද? Annawe

    ReplyDelete
    Replies
    1. සල්ලි හොරා කාපු එකා කොහොමද කතා කරන්නේ

      Delete
Previous Post Next Post