හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
සිරීලිය ගිණුමට අදාළව සිදුකරන විමර්ශනයකට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, අදාළ දේපල නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරේ.
මෙම පැහැදිලි කිරීම සිදු කරන තෙක් අදාළ නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීම ද මේ වන විට අත්හිටුවා ඇති බව කොමිසම සඳහන් කරයි.
නිවස මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වුවහොත්, විධිමත් විමර්ශනයකින් අනතුරුව එම දේපල අධිකරණමය ක්රියාවලියක් හරහා ක්රියාවිරහිත කිරීමට පියවර ගනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් විමර්ශනයට අදාළව ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශය ද දෝෂ සහිත බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.
2015 වර්ෂයේ සිට ආරම්භ කර ඇති මෙම වත්කම් විමර්ශනයට අදාළව නිසි දිවුරුම් ප්රකාශ ලබා දීමට ඔහු මීට පෙර පියවර ගෙන නොතිබුණි..
ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්රකාරව, සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
නියමිත කාලය තුළ නිවැරදි තොරතුරු ලබා නොදුනහොත්, එය තොරතුරු වසන් කිරීමක් ලෙස සලකා ඔහුට එරෙහිව ඉදිරි පියවර ගන්නා බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.
(AI image)

සමාජ ප්රාග්ධනයෙන් ගත්ත එකක් වෙන්ට බැරිද,
ReplyDeleteඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් ගත්තේ හුත්ත
Delete2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්රකාරව, සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්රකාශයක් දින 14ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
ReplyDelete2023 පනතෙන් 2015 තොරතුරු ඉල්ලන්න පුලුවන්ද
අතීතයට බලපාන විඩිහට පනත් සම්මත කරන්න පුලුවන්ද
කරන දෙයක් ඉක්මනට කරන්න, නැත්නම් ඩේසි ආච්චිට වගේ ඔය ජෝඩුවටත් සිහි මඳ ගතිය ඇතිවෙන්න පුළුවන්.
ReplyDeleteඅනික ඔය ගමන්ම කඩුවෙල පැත්තෙ මාලිගා හදපු අය ගැනයි, දෝනියැන්දගෙ කොටහළුවෙන් ලක්ෂ ගණන් හම්බ කරපු අය ගැනයි, ගම්මිරිස් ඇට රත්තරං කරපු අය ගැනයි ටිකක් බැලුව නං හොඳයි.
එහෙම වෙන එකක් නෑ. උගන්ඩාවේ සල්ලි වලින් දඩය ගෙවයි.
DeleteThug ලාල් ගෙත් බැලුවොත් නරකද?
ReplyDeleteමන්දිර වගේ ගෙවල් හදපු විදිහ ලාල්ගෙන් උපදෙස් ගන්න.
ReplyDeleteඉස්සෙල්ලම දුප්පත් නිහීන ලාලයාගෙන් අහපල්ලා මන්දිර හැදුවෙ කොහොමද කියලා. ශිරන්තිලා පෝසත් මිනිස්සු
ReplyDeleteඔව් ඔව් අපි එයාගෙ පුකෙන් වැටෙන ගූනෙ කන්නේ තුන්වේලට
DeleteBandaranayaka Sammanthrana shalawa wage ehenma apata labuna dayada.
ReplyDeleteASK JVP BEGGERS FIRST
ReplyDeleteටීචර් කෙනෙක්ගේ තනි පඩියෙන් මාළිගා වගේ ගෙවලුත් හදල ළමයින්ටත් උගන්නල කාර් බාර් පියානෝ සේරමත් ගන්න පුළුවන් එකේ, ලංකාවේ රූප සුන්දරිය ලෙස ලෝක රූප රැජිණ තරඟයට සහභාගී උන කෙනෙක් ගෙයක් වත්, සල්ලිවත් නැති හිඟන්නියක් වෙන්න පුළුවන්ද?
ReplyDeleteIs the las same for everyone if so, Lal kantha must face the same situation. Not only him most of other NPP politicians.
ReplyDelete