කළුගල් කතා බිදමින් හම්බන්තොට වරාය වාර්තාවක....


 හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය බහාලුම් මෙහෙයුම් ඉතිහාසයේ එක් නෞකාවකින් හැසිරවූ වැඩිම බහාලුම් පරිමාව වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. 

මෙඩීටරේනියන් නැව් සමාගමට (MSC) අයත් 'MSC මාරි ලෙස්ලි' නෞකාව සාර්ථකව මෙහෙයවීමත් සමග වරාය මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය හරහා කලාපීය බහාලුම් ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය සතු ශක්තිමත් භූමිකාව තවදුරටත් තහවුරු වී ඇත.

2026 අප්‍රේල් 11 වන දින සිට 15 වන දින දක්වා මෙහෙයවූ බහාලුම් සංඛ්‍යාව 7,968 කි. සමස්ත පරිමාව 13,260 කි.

මෙය මීට පෙර එම වරායේ වාර්තා පිහිටුවා තිබූ MSC ඉලෙනියා (TEU 12,957) සහ MSC රූබි (TEU 11,369) යන නෞකාවන්හි බහාලුම් පරිමාවන් අභිබවා යාමකි.

වරාය බලධාරීන් පෙන්වා දෙන්නේ කෙටි කලක් තුළ බහාලුම් මෙහෙයුම් මෙලෙස ශීඝ්‍රයෙන් වර්ධනය වීම හරහා HIP හි පවතින උසස් තාක්ෂණික කාර්යක්ෂමතාව මෙන්ම දැවැන්ත නෞකා හැසිරවීමට ඇති සූදානම මැනවින් පිළිබිඹු වන බවයි.

9 Comments

  1. කුහක jeppo දැන් මොකක්ද කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ගල කැපුවේ කවුද දන්නේ නෑ.. රනිල් වෙන්න ඇති...

      https://youtu.be/Iq2Wo-wEUqU?si=nqzbVI1r8vmkmPKw&t=16

      Delete
  2. කුහක jeppo දැන් මොකක්ද කියන්නෙ.

    ReplyDelete
  3. rajapaksala gala china valata horen gala vikunala unta hangenna rocket ekak gaththa, eka park karala thiyenne aura kiyala parayekge punchi ammage gedara. vaga keemen kiyanne honde....

    ReplyDelete
  4. 76 wasaraka mankollakaruwange saapapye prayhipalaaiayak

    ReplyDelete
  5. කුහක ජෙප්පි හිටියෙ නැත්නම් මහින්ද මහත්තයා මීට වඩා වැඩ කරනවා. අපේ රටේ ඉන්නෙ මහ මීභරක් මිනිස්ඩු. පේන්න තියෙන දේ පිලිගන්න බෑ. නොපෙනෙන පච වලට රැවටුනා. කාලකන්නි

    ReplyDelete
  6. Nawaka badu bana eka news walata danda deyakda.

    ReplyDelete
  7. Ane bn umbala danna magulak ne... Oya Deshapalana bambuwa ata erala Ratak hetiyata hitapalla bn........

    ReplyDelete
  8. Aththatama Seegiriye gala thama thiyenawa kiyanne boru neda? Chanden passe gala paluna kathawakuth thiyenawa aibowanda.

    ReplyDelete
Previous Post Next Post