යතුරුපැයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගටීමෙන් (05) දින සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටියි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂඛ කේ.එම්.කුලතුංග මහතා පැවසීය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ උලපනේ පදිංචි ඉසුරු රත්නායක නැමති 22 හැවිරිදි තරුණයෙකි.
මිය ගිය තරුණයා උලපනේ සිට නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියන් භාෂෘව උගවන්වන භාහිර පත්නියකට සහභාගි වීම සදහා සිය යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කරන අවස්ථාවේ මාර්ගය අභියස නතර කර තිබු මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමෙදි නාවලපිටියේ සිට ගම්පොළ දක්වා ධාවනය වූ ටිපර් රථයේ පසුපස රෝදයේ තරුණයා ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පළමුවන සහ දෙවන දුම්රිය ගේට්ටු දෙක අතරදී (05) දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නාලපිටිය පොලිසියේ රථවාහන අංශයේ නිළධෘරින් කියා සිටියේ.
යතුරුපැදිකරු ගාල් කර තිබු මෝටර් රථය සහ ත්‍රී රොද රථය පසුකර යෑමත් සමග ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන ටිපර් රථය දැක යතුරුපැදියේ තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමග යතුරුපැදිය ප්‍රධාන මාර්ගයේ පෙරලී යතුරුපැදිකරු ඉදිරියට ඇදී ගොස් ටිපර් රථයේ පසුපස රෝදයට යටවන අයුරු අසළ වෙළදසැලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන් වි තිබුණි.
ටිපර් රථයේ රියදුරා නාවලපිටිය පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙනඇති අතර, මිය ගිය යතුරුපැදිකරුගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
සිද්ධිය සම්බ්නධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
- රංජිත් රාජපක්ෂ
