පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම වගකිව යුතු පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එදා එල්ල වූ අනතුරු ඇඟවීම් හෑල්ලුවට ලක් කරමින් විමර්ශන මඟහැරවීමට කටයුතු කිරීම හරහා මෙම වගකීම ඔහු වෙත පැවරෙන බවයි.
විජයදාස රාජපක්ෂ කළ හෙළිදරව්ව යටපත් කිරීම සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ 2016 වසරේදී එවකට අමාත්‍යවරයකුව සිටි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පවුල් කිහිපයක් සහ පුද්ගලයින් 37 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානය යටතේ පුහුණුව ලබන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවයි.
එහෙත් මුජිබර් රහුමාන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එය 'වෛරී ප්‍රකාශයක්' ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර, එම අවධානය වෙනතකට යොමු කළ බවට වීරසේකර මහතා චෝදනා කරයි.
2019 මැයි මාසයේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ද විජයදාස රාජපක්ෂ මහතා එදා කළ ප්‍රකාශය සත්‍යයක් බව තහවුරු කළ බවත්, එදා එම හෙළිදරව්ව නිසි ලෙස විමර්ශනය කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවත් ඔහු පවසයි.
සහරාන්ගේ කණ්ඩායම සමඟ පැවති සබඳතා මුජිබර් රහුමාන් මහතාගේ සැබෑ ස්වරූපය හෙළි කරන බව පවසන සරත් වීරසේකර මහතා පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගේ මල්ලි බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගොස් සිදු වූ පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කළ අවස්ථාවේ ඔහුව බැලීමට ගියේ කවුදැයි මුජිබර් රහුමාන් මහතා දන්නා බව සඳහන් කළේය.
මාවනැල්ලේ බුදු පිළිම විනාශ කළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ක්‍රියා කළේ කවුදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට බලපෑම් කළේ කවුදැයි මුජිබර් රහුමාන් දන්නා බවත්, ඉන් එක් අයෙකු පසුව සහරාන්ගේ කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ බවත් හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
තව්හිත් පල්ලිවලට අවසර දීම තමන්ගේ රජය පැවති සමයේ තව්හිත් මුස්ලිම් පල්ලි ඉදි කිරීමට අවසර ලබා දුන්නේ කවුදැයි මුජිබර් රහුමාන් මහතා හොඳින් දන්නා බවත්, මේ සියලු කරුණු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනතාව තවදුරටත් මුළා කිරීමට ඉඩ නොතබන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මේ ප්‍රකාශය කලයි කියල දැන් ජෙප්පොයි, කොනකපපු හැත්තයි බූමිතෙල් ගාපු ගැරඬි වගේ කුලප්පු වෙලා සරත් වීරසේකර මහත්මයගේ උප්පත්ති විස්තරේ හිටන් මෙතන දිගඅරියි.
ReplyDeleteසමහර විට සහ්රාන් ට ඒ සංවිධාන වලට සම්භන්ධ වෙන්ඩ හිතුණේ මෙතුමගේ දේශපාලන භාවිතය දැකල ද දන් නෑ. තාජුඩීන් මරපු එකත් බලපාන්ඩ ඇති, ඉහළ පෙලේ ළමයි ටිකක් නේ, කොළඹ.
ReplyDelete