නි. ඇමතිගේ වාහනය අනතුරක...

 


අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය (22) දින රාත්‍රී අනතුරට පත් වී ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටි කැබ් රථය කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයෙදි ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මෝටර් රථය ධාවනය කල රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර, අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

අනතුර පිලිබද කිතුල්ගල පොලිසිය පරික්ෂණ පවත්වයි.

රංජිත් රාජපක්ෂ   

1 Comments

Previous Post Next Post