කරදියාන කසල අංගණයේ මහා ගින්නක්.. ආසන්න පදිංචිකරුවන්ට හදිසි උපදෙස්..

 


2026.04.10 වන දින සවස් කාලයේ පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසල අංගණයේ හදිසි ගිනි ගැනීමක් හට ගෙන ඇත. 

ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින අතර මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිලියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටියි.

මින් පිටවන දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසල අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිතා කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හා එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වලක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

1 Comments

  1. ජූස් පකයන්ගෙ වැඩ

    ReplyDelete
Previous Post Next Post