මනුෂ්‍ය ඝාතන දෙකක්


2026.04.18 දින රාත්‍රී කලවංචිකුඩි පොලිස් වසමේ හෙල්පේජ් නිවාස සංකීර්ණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට කලවංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 58 ක් වූ කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු ඔහුට අයත් වගා ඉඩමේ වාඩියක් තුළ සිටියදී තියුණු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත. කලවංචිකුඩි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2026.04.19 දින අළුයම රත්නපුර පොලිස් වසමේ කැටලියන්පල්ල පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට රත්නපුර රෝහල් පොලිසිය විසින් රත්නපුර පොලිස් ස්ථානයට ලබාදෙන ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 38 ක් වූ දේවාලයගාව, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා තුවාලකරු 2026.04.18 දින සංගීත සංදර්ශනයකට සහභාගි වී නැවත පා ගමනින් නිවස කරා ගමන් කරමින් සිටියදී තවත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Previous Post Next Post