ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයක් සඳහා පෙට්‍රල් නිකුත් කිරීමේදී පනවා තිබූ QR, සීමාවන් ඉවත් කෙරේ.
ඒ අනුව ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ QR කේත පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව පෙට්‍රල් ලබාගත හැකිය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ QR කෝටාව තාවකාලිකව ඉවත් කර ඇති නමුත් ඔත්තේ-ඉරට්ටේ අංක තහඩු ක්‍රමය දැඩි ලෙස ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත්, ඩීසල් බෙදාහැරීමේ කටයුතු සඳහා දැනට පවතින QR ක්‍රමවේදයෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර එය පෙර පරිදිම බලාත්මක වන බව එම සංස්ථාව වැඩිදුරටත් අවධාරණය කරයි.

හරි.
ReplyDeleteඒ කියන්නෙ අද රෑට ගනන් වැඩි කරනවා.
Oninam wedikaranna oni..☹️
DeletePunata thel denna minissu nikan badu gewanna oni nene