ඇමරිකා යුද නෞකා අපේ මිසයිල සීමාවේ..- ඉරානය


 කලාපයේ රැඳී සිටින දැවැන්ත ඇමරිකානු යුද නෞකා මේ වන විට ඉරාන වෙරළබඩ මිසයිල පද්ධතිවල ඉලක්ක සීමාව (Range) තුළ පවතින බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු උපායමාර්ගික මුහුදු මාර්ග ආශ්‍රිතව ඇමරිකානු ගුවන් යානා වාහක නෞකා ඇතුළු නාවික බලඇණි ශක්තිමත් කිරීමට ඇමරිකාව ගෙන ඇති පියවරට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම නිවේදනය නිකුත් කර ඇත.

තමන් කිසිදු ලෙසකින් පසුබෑමකට ලක් නොවන බව අවධාරණය කළ ඉරාන බලධාරීන්, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වසා තබමින් ඇමරිකාවට එල්ල කරන පීඩනය තවදුරටත් පවත්වාගෙන යන බව යළිත් තහවුරු කළේය.

ලෝකයේ වැදගත්ම නාවික ගමන් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දෙරට අතර පවතින මෙම උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන්, කලාපය තුළ ඕනෑම මොහොතක මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

1 Comments

  1. කුසයේ සිටින පණුවෙක් හෝ ශරීර ගත වී ඇති වෛරයක් හෝ ශරීරයට පීඩා කළ හැක. සැර ඖෂධක් හෝ ප්‍රති ජීවකයක් ශරීරගත කළ විට බඩේ සිටින පණුවා හෝ ශරීර ගත වෛරසය විනාශ වී යනවා ඇත. එතෙක් බලය පෑමට හැක. එසේ ම ඉරානය ද යම් කාලයක් බලය අල්ලා ගෙන සිටීවි. වෙන්න යන ත්‍රස්තවාදයේ ගර්භාෂයන් ලෝකයට අහිතකර ය.

    ReplyDelete
Previous Post Next Post