බාල ගල් අගුරු වංචාව බාල බෙහෙත් මෙන් විසි ගුණයක්.. රහස් පොලිසියට පැමිණිලි කරයි..

 


ලක්විජය බලාගාරය සඳහා බාල ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් තහවුරු වන බැවින්, ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේ සිදුවූ බාල ඖෂධ වංචාව රුපියල් ලක්ෂ 1,000ක පමණ අලාභයක් වුවද, වර්තමාන රජය යටතේ සිදුවූ මෙම බාල ගල් අඟුරු වංචාව රුපියල් ලක්ෂ 20,000කට අධික බවයි.

ලියාපදිංචි නොවූ සමාගමකට ප්‍රසම්පාදන ටෙන්ඩරය ලබාදීමේ සිට මෙය ක්‍රමවත් කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වී ඇති බවත්, එමඟින් රජයට මෙන්ම විදුලි බිල ඉහළ දැමීම හරහා මහජනතාවට ද දැවැන්ත ආර්ථික හානියක් සිදුව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම බාල ගල් අඟුරුවල පවතින අධික රසදිය ප්‍රතිශතය හේතුවෙන් මිනිසාට, මත්ස්‍ය සම්පතට සහ පරිසරයට සිදුවන හානිය ගණනය කළ නොහැකි මට්ටමේ පවතින බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළද මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු නොකිරීම කනගාටුවට කරුණක් බව පැවසූ ඒ මහතා, වහාම මේ පිළිබඳව අපරාධ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ස්වාධීන වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් සංවිධාන රැසක නියෝජිතයන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහභාගී වී සිටියහ.

3 Comments

  1. කෝ බං ඉස්සර තිබ්බ පරිසර සංවිධාන ටික ?
    මෙච්චර රසදිය ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා, කලු දුම…
    ඒ මොකක් ගැනවත් සද්ද නෑනෙ.
    ඉස්සර ගහක් කැපුවත් කට්ටිය පාරෙ.

    ඒ ඔක්කොම බලද්දි ජෙපි සංවිධාන.
    ජෙපි පරිසරවේදියෝ..

    ReplyDelete
    Replies
    1. දේවානී ජයතිලකල, භාග්‍යාලා උකනවද?

      Delete
  2. මේකේ වැඩිපුර ඇති රසදිය වලින් අපි මාස තුනකින් මසල වඩේ නිපදවීම ආරම්භ කරනවා

    ReplyDelete
Previous Post Next Post