යුද්දය සැරටම ඇවිලේ.. කලාපයමටම පහර දී ඉන්ධන සැපයුම වසර ගණනාවකට අඩාල කරන බව ඉරානය කියයි..


ඉරානයට අයත් ඛාර්ග් දූපතේ පිහිටි හමුදා ඉලක්ක වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරයන් එල්ල වූයේ අඟහරුවාදා අලුයම කාලයේදී බවත්, ඒවා මින් පෙර ඉලක්ක කළ ස්ථාන වෙතම එල්ල වූ ප්‍රහාර බවත් ඇමරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

බුඩාපෙස්ට් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ, ඛාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ මෙම ප්‍රහාරය ඇමරිකානු උපායමාර්ගයේ වෙනසක් නොවන බවයි.

ඉරානය සමඟ පවතින ගැටුම් නිමා කිරීම සඳහා වන සාකච්ඡාවලදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ට්‍රම්ප් පරිපාලනය විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, ඉරානය විසින් න්‍යෂ්ටික අවි අත්හැරීම සහ ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' යළි විවෘත කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන කොන්දේසියක් වී තිබේ. 

ඉරානය පිළිගත හැකි යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් එරට බලශක්ති සහ යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල නොකරන බවද උප ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අසල්වැසි රටවල් කෙරෙහි දක්වන ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, මින් ඉදිරියට ඇමරිකානු එක්සත් ජනපදයේ සහ ඔවුන්ගේ හවුල්කාර රටවල යටිතල පහසුකම් ඉලක්ක කරන බවත් ඉරාන විප්ලවීය බලකාය දැඩි ලෙස අවධාරණය කර සිටියි. 

එමෙන්ම කලාපීය තෙල් සහ ස්වභාවික වායු සැපයුම වසර ගණනාවකට අඩාල කරන බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදය විසින් පනවා ඇති රතු රේඛාවන් උල්ලංඝනය කරනු ලැබුවහොත්, ඉරානයේ ප්‍රතිචාරය හුදෙක් කලාපයට පමණක් සීමා නොවන බවයි.

පවතින තත්ත්වය පාලනයෙන් ගිලිහී ගියහොත්, ඉරානයේ සහචර රටවල් මැදිහත් වී 'බාබ් එල්-මන්ඩෙබ්' ජල මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද ඉරානය ප්‍රකාශ කළේය.

මීට අමතරව, හිස් පොරොන්දු මත පදනම්ව හෝ එවැනි එකඟතාවයන් වෙනුවෙන් 'හෝමුස් සමුද්‍ර සන්ධිය' යළි විවෘත කිරීමට තමන් සූදානම් නැති බවද ඉරාන විප්ලවීය බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටියි. 

3 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 7, 2026 at 10:16 PM

    මෙන්න මේකයි ත්‍රස්ථවාදය. මේ නිසයි ඉරාන රජය විනාශ කල යුත්තේ. ඇමරිකාවත් එක්ක සහයෝගීව මූල්‍ය ගණුදෙනු කරණ අරාබි රටවල් වලට ගහන්ඩ මුන්ට ඉඩ දීල බලන් ඉන්ඩ ද කියන්නේ? එව්වා වානා. ඉරානෙට මේ පාර කුඩු වෙන්ඩම ගහනවා.

    ReplyDelete
  2. ඉරාන ada kanawa rampeta pori halenne ... Oman double game

    ReplyDelete
  3. තාරාවාගේ දේශයේ නගර කිහිපයක් පුපුරුවා හැරීමට කාලයයි, ප්‍රමාද නොවන්න ඔබ ඒ සඳහා යා යුතුයි.

    ReplyDelete
Previous Post Next Post