පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සහගත ජල කප්පාදුව අද (අප්‍රේල් 04) දිනයේද ක්‍රියාත්මක වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන කාලසීමාව මීට පෙර පැය 24ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද, පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම කාලය පැය 18 දක්වා අඩු කිරීමට මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව, ලබන අප්‍රේල් මස 10 වැනිදා දක්වා වරින් වර මෙම ජල කප්පාදුව ප්‍රධාන වශයෙන් පාදුක්ක හෝමාගම පැලැන්වත්ත පන්නිපිටිය ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
සංශෝධිත ජල කප්පාදු කාලසටහන:
පාදුක්ක: අප්‍රේල් 02 වැනිදා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 03 පස්වරු 2:00 දක්වා ක්‍රියාත්මක විය.
හෝමාගම: ඊයේ (03) රාත්‍රී 8:00 ට ආරම්භ වූ පැය 18ක ජල කප්පාදුව අද (04) පස්වරු 2:00 දක්වා ක්‍රියාත්මක වේ.
පැලැන්වත්ත: අද (04) රාත්‍රී 8:00 සිට හෙට (05) පස්වරු 2:00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
පාදුක්ක, හෝමාගම සහ පැලැන්වත්ත යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව දින තුනකට වරක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
අනෙකුත් ප්‍රදේශ: මීට අමතරව, බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල යන ප්‍රදේශවල දිනක් හැර දිනක් රාත්‍රී 10:00 සිට අලුයම 1:00 දක්වා පැය 03ක කාලයක් ජල සැපයුම සීමා කෙරේ.
අදාළ කාලසටහනට අනුව ජල කප්පාදුවක් නොමැති දිනවලදී අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරයි.
