NDB මුදල් වංචාවට ලොක්කෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට..


 ජාතික සංවර්ධන බැංකුවේ (NDB) අභ්‍යන්තරව සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මූල්‍ය ආයතනය තුළ සිදු වූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යාම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි.

වංචා කරන ලද මුදල සහ ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

1 Comments

  1. AKD punchi amma ekka nida gannawa . Harini arppa gahanawa . Kottarachchi wate gihin ara gannawa. Katha nayaka kollo gahanawa.

    ReplyDelete
Previous Post Next Post