මන්ත‍්‍රීවරයෙක් තුවක්කුවක් සමග අත්අඩංගුවට...


නීතිවිරෝධී ලෙස තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවට එල්ල වූ චෝදනාවක් මත කටුවන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පසුගිය
8 වනදා අත්අඩංගුවට පත්විය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හසුකරගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙණිය, මෑල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කටුවන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මහජන නියෝජිතයෙකු බව අනාවරණය වී ඇත.

මොහු භාරයේ තිබී බෝර 12 වර්ගයේ පතොරම් භාවිත කළ හැකි ගිනිඅවියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

4 Comments

  1. මන්ත්‍රී කියන වචනය කිව්වම පාර්ලිමේන්තුවේද, පළාත් සභාවේද, නැත්නම් ප්‍රාදේශීය සභාවේද කියලා දන්නෙ නෑ. කරුණාකරලා මන්ත්‍රී යන වචනය පාර්ලිමේන්තුවට සීමා කරලා, අනික් අයට යෝග්‍ය වචන දෙකක් හොයාගමු. නැත්නම් මන්ත්‍රී අත් අඩංගුවට කියලා ශීර්ෂ පාඨයක් දැකලා ප්‍රීතියෙන් පිණාගිහින් බලපුවම කොහෙද යන කසඩයෙක්!

    ReplyDelete
  2. පොහොට්ටු පකයට පුක බෝර් කොරන්න ඕන

    ReplyDelete
    Replies
    1. එකඟයි. අනික් පැත්තෙ ප__ටන්ට ඕනැ නෑ. ගල අඟුරු ඔබලා තියන නිසා.

      Delete
    2. එකඟයි. අනික් පැත්තෙ ප-යන්ට ඕනැ නෑ. ගල්අඟුරු ඔබාගෙන ඉන්නෙ.

      Delete
Previous Post Next Post