අස්වැසුම ප්‍රතිලාභීන් ලැයිස්තු ගත කරයි..

 


අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරැදි ලෙස හඳුනා ගැනීම සහ ලැයිස්තු ගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් සහ නිවැරැදිව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් (28) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 

එහිදී, දැනට ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රමවේදය තුළ ඇති නිර්ණායක සංශෝධනය කළ හැකි ආකාරය, කඩිනම් කළ හැකි ආකාරය සේම නිවැරැදිව ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ කටයුතු සඳහා ඩිජිටල්කරණ යොදා ගත හැකි ආකාරය දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 

එහිදී, පනත සංශෝධන කිරීම වැනි දිගුකාලීන ක්‍රියාමාර්ග සේම කඩිනමින් සිදු කළ හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග ද හඳුනා ගැනීම සිදු විය. මීට අමතරව පුරප්පාඩු පිරවීම්, ග්‍රාම නිලධාරීන් අස්වැසුම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කරවා ගැනීම හා ගෙවීම් ක්‍රමවේද සකස් කිිරීම සහ ඒ ආශ්‍රිත ගැටලු ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරු මෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post Next Post