මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සූක්ෂම සයිබර් ප්‍රහාරයක් හරහා වෙනත් පාර්ශ්වයක් සතු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් මෙරට ව්‍යාපෘති පහක් සඳහා ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ සිදුකළ ගෙවීමකදී මෙම වංචාව සිදුව ඇති බවයි.
ණය වාරිකය ගෙවිය යුතුව තිබුණේ ඕස්ට්‍රේලියානු රජයට අයත් 'Export Finance Australia' නම් ආයතනයටය.
එහිදී අදාළ ආයතනයේ නිවැරදි ඊමේල් ඩොමේනය වන exportfins.gov.au යන්න වෙනුවට, ඉතා සුළු වෙනසක් සහිත exportfins.com නම් ව්‍යාජ වාණිජ ඩොමේනයක් හරහා වංචනිකයින් විසින් ඉන්වොයිසියක් එවා තිබේ.
මහා භාණ්ඩාගාරය විසින් නිසි පසු විපරමකින් තොරව මෙම ව්‍යාජ ඊමේල් පණිවිඩයට අනුව මුදල් බැර කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිදුවීමේ ඇති වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, ව්‍යාජ ඩොමේනයක් භාවිත වන බවට 2025 ඔක්තෝබර් 28 වන දින පද්ධතිය පවත්වාගෙන ගිය සමාගම විසින් බලධාරීන් දැනුවත් කර තිබීමයි.
කෙසේ වෙතත්, එවැනි අනතුරු ඇඟවීමකින් පසුව පවා මුදල් නිදහස් කර ඇති බව CIDය අධිකරණය හමුවේ තහවුරු කළේය.
විමර්ශන නිලධාරීන් විසින් මෙම සිදුවීමට අදාළ සූක්ෂම තොරතුරු ඇතුළත් පිටු 27කින් යුත් රහස්‍ය වාර්තාවක් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
එහිදී විමර්ශනවල ප්‍රගතිය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊමේල් ගනුදෙනුවලට සෘජුව සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් පස් දෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීම, සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දීම, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, රජයේ රස පරීක්ෂක සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන පීඨයේ නියෝජිතයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම නියෝග නිකුත් කළේය.
දැනට සිදුකරන විමර්ශන සඳහා අන්තර්ජාතික පොලිසිය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහය ලබා ගනිමින් පවතී.
මෙම වංචාව සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බව CIDය වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ මුදල් ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩුව ලබන ජූනි මස 03 වන දින නැවත කැඳවීමට නියමිතය.

pin deepan free lawyers lata
ReplyDeletePodi un chu giyama hanganawa wage malimawe un hanguwe
Salli dapu account eke kiyapalla
ReplyDeleteපොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
ReplyDeleteසල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
අම්මපා
මහ හොරාට තහනමක් නෑ.
ReplyDeleteරාජපක්ෂලා සතු සම්භන්ධතා භාවිතා කරලා රහස්‍ය දත්ත තුන්වන පාර්ශවයකට දුන් බවට ඉතා ප්‍රාථමික මට්ටමේ වුවත් සැලකිය යුතු ප්‍රමාණයක් සාක්ෂි ලැබෙමින් පවතිනවා. දැනට ඔප්පු කල නොහැකි, නමුත් ඉතා නුදුරේදීම ඔප්පු කල හැකි වෙතැයි පෙනෙන සාක්ෂි අනුව, මෙම තුන්වන පාර්ශවය, අදාල දත්ත ලබාදීම වෙනුවෙන් රාජපක්ෂවරුන්ට සම්භන්ධ කණ්ඩායමකට 35%ක කට් එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. තවත් 45%ක් එම හැකර්වරුන්ට සිය බුද්ධිමය දායකත්වය වෙනුවෙන් තබාගෙන තිබෙනවා. ඉතිරි 20% ක ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු සතු විදේශ ගිණුම් වලට ත්, ඕස්ට්‍රේලියාවේ ආර්.බී.ඒ බැංකුවේ නිලධාරීන් සිව් දෙනෙකු ට ත් බෙදා දුන් බවට සාක්ෂි ලැබෙමින් පවතිනවා. පැහැදිලි අවසන් නිගමණයකට එළඹුණු පසු ආඬපාලි කියන බංකොලොත් සුන් බුන් විපක්ෂයේ මළගමට පාංශුකූලෙ දෙන්ඩ පුළුවන්.
ReplyDeletePITAKOTUWA TOILET EKE TAP GALWAPU EKADA?
Deleteඒ ප්‍රියන්ත රාජපක්ෂ කියල එකෙක්, ඌ වෙන්ඩ බෑ.
DeleteThis site can’t be reached
ReplyDeleteexportfins.gov.au’s server IP address could not be found.
Try:
Checking the connection
ERR_NAME_NOT_RESOLVED
Found the exportfinance.gov.au website. exportfins.com website url is for sale.
Delete