ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසය.
ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බවය.
ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවය.
පසුගිය
මාස කිහිපය පුරාම නොරොච්චෝලේ
බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු
ගෙන්වූ ගල් අගුරු ප්‍රමිතිය
බාල වීම මත සම්බන්ධයෙන් චෝදනා
ඒල්ල විය.
ඒ්වා ආනයනයේදී ගැටළු රැසක් ඇති බව විගණකාධිපති වාර්තාව විසින්ද හෙලි කර තිබින.

හිච්චි අබේ ද ?
ReplyDeleteඅපි වනචර ගැණියෙක් එක්ක ඉඳලා අහුවෙන එක වගේ නොවේ හාමුදුරුනමක් වනචර ගැණියෙක් එක්ක ඉඳලා අහුවෙන එක මහා අපරාධයක්. ඒ වගේ වංචා දූෂණ නැතිකරනවා කියා ෆයිල් තොගයක් එකඑකාගේ වංචා දූෂණ ඒවා කිය කියා රට වටේ සර්කස් දාපු එකා කරන වංචා දූෂණ මහා භයානකයි.අනික එසේ මෙසේ වංචා දූෂණයක් නොවේ මහාබැංකුව හොරකමටත් වඩා ලොකු එකක්.ආණ්ඩුව විපක්ෂය කොච්ච ර කෑගැහැව්වත් ලොකු එකා නැහැම කීවා. දිලිත් හොඳ කථාවක් දුන්නා මේක ගැන.දැන් උසාවියේදි කුමාරයා අසුවන බව තේරිලා විගහට අස්වෙන්න කීවා,නීතිපතියාට බලකරලා සුත්‍රයක් දාලා නිදහස් කරවා ගනිවි වේවි වගේ.
Deleteඅර පෝක් කමිටු සභාපති ද...මිනිහත් හෝදන්න ගිහිල්ල හොදටම නාගත්ත..
ReplyDeleteඉල්ලා අස් උනේ උබලට බයේ නෙමෙයි, පරීක්ෂණ කරන්න ඉඩදීලා. බැංකු හොරා කාපු වෙලාවෙ , හොර බෙහෙත් ගෙනාපු වෙලාවෙ ඔය එකෙක්වත් ඉල්ලා අස් වුනාද. ඔය දෙන්නා ඉල්ලා අස්වුනා කියල ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ, ඒ ලේකම් වෙනුවට සහ ඇමති වෙනුවට තව දෙන්නෙක් පත් කරයි.
Deleteඋඹලා ගෝටා එළවපු විදිහට ගෙදර යන්න සූදානම් නැති උද්දච්ච හැත්තක් නිසා හොඳවයින් කාලාම බලය අතහරියි. හැබැයි මේ කියන්නේ සජිත්, රනිල්, නාමල් බලයට ගේනවා කියන එක නොවේ. ආණ්ඩුවේ අසාධාරණයට, පීඩනයට ජනතාව ප්‍රතික්‍රියා දක්වනවා කියන එකයි.
DeleteKeheliyath illa asvuna ponnayo. Oova us kaley na.
Deleteරජය මේව පිළිබඳ මෙයිට වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතුය. බාල ගල් අඟුරු සැලසුම් සහගතව ලංකාවට එව්ව වෙන්නේ පුළුවන්. මේව තමයි ටෙන්ඩර් මගඩි. මේ ගල් අඟුරු ගෙනාපු සමාගම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුය. මේ සමාගම් වලට ලංකාවේ අයගේ සම්බන්ධයක් තියේද කියලා. හොර රහසේ ලංකාවෙන් පිට කරපු මුදල් තමයි මේව ඇතුළෙ කියන්නේ. ලංකාවේ ඇතුළෙ තියන බොහෝ ආයෝජන පිළිබඳ සොයා බැලුවොත් කවුද අයිති කාරයො කියල රටට හෙළි කරන්න පුළුවන්.
ReplyDeletedamika
Deleteබාල ගල් අඟුරු සැලසුම් සහගතව ලංකාවට එව්ව නෙවෙයි ගෙනාව. හැබැයි ඒවා නෑව. දැන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුයි කියන්නෙ තව ටිකක් නාවන්නද.
Deleteපාර්ලිමේන්තුව පව්. හේදුවා මදි.
ReplyDeleteඅනුන්ට මඩ ගහපුවා, තමන්ටම වැදිලා. අස්වෙලා විතරක් මදි, රටට කරපු පාඩුව අය කර ගත යුතුයි, තවද හොරකම් කල ගනන හා බෙදා ගත්ත අයත් හෙලි විය යුතුයි.
ReplyDeleteපාඩුව ගෙවන්නෙ මහජනතාවද ?
ReplyDeleteඅපිට ජයකොඩිව ඕනේ, හරිම කරුණාවන්ත කෙනෙක්. එයා තාම ට්‍රිලියන කෙනෙක් වෙලා නෑ, එයාට කාලය ඕනේ.
ReplyDeleteමෙයාව හොදන්න බලපු අයත් ඉල්ලා අස්විය යුතුයි. අනිවාර්යෙන්ම සිදුවූ පාඩුව මොවුන්ගෙන් අය කර ගතයුතුයි. භාණ්ඩාගරෙන් හො වක්‍රව මිනිස්සු මට පැට නොවිය යුතුයි. ඉල්ලා අස්වුනා කියල උනු පාඩුව නැති වෙන්නෙ නැ.ජනාදිපති තුමා උනත් මීට වඩාසිතිය යුතුයි.
ReplyDeleteඑක අඟුරු කුමාරයෙක් ගියා. දැන් එයාව බේරගන්න හදපු අනික් අඟුරු කුමාරයත් යවමු.
ReplyDeleteඇත්තටම දූශනයට ඉඩ දීලා ඒවා ප්‍රවර්ධනය කරපු මහ අගුරු හොරා පාලනයෙන් ඉවත්වෙනු. තවදුරටත් බොරුව එපා. වහාම මැතිවරනයක් හෝ ජනාදිපතිවරනයක් පවත්වනු!
ReplyDeleteඑතකො ඌ කරපු පාඩුව ගෙවන්න ඕන අපිද
ReplyDeleteවිලිලැජ්ජැවේ බැරුවා .හික්...
ReplyDeleteහික්
බලන්න මෙවැන්නක් ශ්‍රී ලංකාවේ කවදා සිදුවූ දෙයක්ද?
ReplyDeleteමෙතුවක් මෙවැන්නක් ගැන අප අසා තිබුනේ යුරෝපීය රටවල පමණි
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුත්තකි.
මෙවැනි නිහතමානී අවංක අසරණ අයෙක් වහාම රටේ අගමැති කිරීමටත් සුදුසුය.
අපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු
Look, when has something like this ever happened in Sri Lanka?
DeleteUntil now, we had only heard of such things in European countries.
This should be written in golden letters in Sri Lankan history.
Such a humble, honest, and helpless person is fit to be made the Prime Minister of the country immediately.
On odd days, let’s wipe with paper!
On even days, let’s go to the toilet and save water!
Let's eat coal and stand in line!
සුවා-දීන පරික්ෂණයක් සදහා ඉඩදී ලාල් කාන්ත ඇමති ඉල්ලා අස් විය යුතුය.
ReplyDeleteThen what happen to 159 morons who cleared this bugger at the parliament
ReplyDeleteමුව හෝදපු ඩෝබින්ට දැන් සැපද ??????
ReplyDeleteමේකයි රන්වලයයි මාලිමා ආණ්ඩුව කෑව.
ReplyDeleteමේ ආන්ඩුවත් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නැහැ. හැබැයි ටෙන්ඩර් පටිපාටිය අනුව, ලේකම්, ටෙන්ඩර් බෝඩ්, තමයි වගකීම ගන්න ඕන. හැබැයි ඔවුනුත් නීතියට කටයුතු කරල තියනව නම්, එවපු කෙනා වැරදි දෙයක් නම් එවල තියෙන්නේ. කවුද එතකොට වැරදි කරු වෙන්නේ.සමහර විට හිතා මතා කරපු වැරුද්දක් වෙන්න පුළුවන්.ලංකාවට වැරදෙන්න බොහෝ හේතු තමයි ගිවිසුමක් ගහනකොට හරියට කියවන්නේ වත් නැහැ.මේ බාල ගල් අඟුරු ටික ආපහු හරවලා යැව්ව නම් උදාවන තත්වය කුමක්ද. මෙවෑනි අත්‍යවශ්‍ය දෙයකටම මේ වගේ ප්‍රශ්නයක් ඇති උනා කියන්නේ ජාත්‍යන්තරව පරීක්ෂණයක් කළ යුතු බව කියන්නේ ඒ නිසාය.
ReplyDeleteEka kariyeknam yaantham giyaa. Thawa 159 innwa elawanna!
ReplyDeleteමේ ආණ්ඩුව යමක් කරන්න දන්නේ නැත්නම් පත්තරේ දැන්වීමක් දාල දන්න මිනිස්සු කැදවලා උපදෙස් ගන්න. පසුගිය ආණ්ඩු දූශන වලින් හොයපු සල්ලි වලින්, වෙනත් අයගේ නම් වලින් කරපු ආයෝජන රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒවයින් ලැබෙන ආදායමෙන් සියයට පනහක් නැවත යන්නේ ඔවුන්ගේ පිටරට වල තියෙන කොම්පැනි වලට. මේ ආණ්ඩුව තවදුරටත් නිශ්ශබ්දව හිටියොත් අපිට සොරි තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteලංකාවේ බොහෝ දෙනාගේ ආකල්ප තමයි සාමාන්‍ය විදියට ජීවත් වන නායකයින්ට කැමති නැත. ඇමති කෙනෙක් වුණහම ගැම්මට ඉන්න ඕන. වාහන පහක් හයක් පිරිවරාගෙන යන්න ඕන, STF විස්සක් තිහක් ගාඩ් එකට ඉන්න ඕන, ඇමතිය එනකොට අතුරු පාරවල් වහන්න ඕනි. ඔන්න ඕවට තමයි කැමති, ඊට පස්සේ ඔවුන් කියනව බොසා ආපු විදිය නියම ගැම්ම. ඉතින් මේ ආණ්ඩුව උඩුගං බලා පීනන්න හදනව ජනතාව කැමති වෙයිද එවට.
ReplyDelete