ඉන්ධන වාහන අලෙවිය හොදටම බහී.. විදුලි වාහන අලෙවිය නගී..

 


ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරි සිව්මසක කාලය තුළ රථවාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන් දක්වන උනන්දුව අඩුවනු ඇතැයි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් (CMTA) හි සභාපති ඇන්ඩෘ පෙරේරා මහතා පවසයි.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමයි.

පවතින අස්ථාවර තත්ත්වය හමුවේ ජනතාව විශාල මුදලක් වැය කර වාහන මිලදී ගැනීමට මැළිකමක් දක්වන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, සාම්ප්‍රදායික ඉන්ධන වාහන සඳහා වන ඉල්ලුම පහළ ගියද, එම කාල සීමාව තුළම විදුලි වාහන සඳහා වන ආකර්ෂණය ඉහළ යා හැකි බව ඔහුගේ විශ්වාසයයි.

මැයි පළමුවැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වුවද, ඉන් වාහන මිල අඩු නොවේ. එයට හේතුව නිෂ්පාදන සහ ආනයන අවස්ථාවලදී තවමත් එම බද්ද අදාළ වීමයි. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම වාහන මිල ඉහළ යාමට සෘජුවම බලපායි. ලෝක වෙළෙඳපොළේ නෞකා ගාස්තු ඉහළ යෑම ද දේශීය වෙළෙඳපොළේ රථවාහන මිල ඉහළ නැංවීමට හේතු වී තිබේ.

"ඉන්ධන අර්බුදය සහ ගෝලීය තත්ත්වයන් හමුවේ වාහන මිලදී ගැනීම් තාවකාලිකව මන්දගාමී වුවත්, විදුලි වාහන වෙත පාරිභෝගික අවධානය යොමුවීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ."

4 Comments

  1. Government should reduce taxes on electric vehicles and encourage instalation of hybrid solar systems. In the long run it will result in a substantial foreign exchange saving easing the foreign debt service burden. The present government does not seem to be working with a long term perspective. Winning the next election seems to be their primary concern.

    ReplyDelete
  2. Government should reduce taxes on electric vehicles and encourage instalation of hybrid solar systems. In the long run it will result in a substantial foreign exchange saving easing the foreign debt service burden. The present government does not seem to be working with a long term perspective. Winning the next election seems to be their primary concern.

    ReplyDelete
  3. ලක්ෂ දෙසීයක් දීල වාහන ගන්න පුළුවන් අය පැට්‍රල් ටික ගහන්න තමයි ලෝබ වෙන්නේ. සල්ලි නැති අය නම් එහෙම කරාට කමක් නැහැ.

    ReplyDelete
  4. එහෙනම් දැන් ටොයොටා වගේ දෑවැන්ත සමාගම් පැට්ටොල් කාර් හදන එක නවත්තල විදුලි බඩකඩිත්තු හදන්න අරං ඇති. ගොන් නිවුස්

    ReplyDelete
Previous Post Next Post