රුසියාවේ පාලනය යටතේ පවතින ඩොන්බාස් කලාපයේ තවදුරටත් යුක්රේන හමුදා රඳවාගෙන සිටින ප්‍රදේශවලින් ඉවත් වීම සඳහා මොස්කව් පාලනය විසින් කියෙව් රජයට මාස දෙකක කාලයක් ලබා දී ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියානු-යුක්රේන ගැටුම විසඳීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවලට පෙර ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඇමරිකාව සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා වන විභව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කිරීම බවත්, එහිදී භූමිය පිළිබඳ ගැටලුව ප්රමුඛ සාධකයක් වන බවත් සෙලෙන්ස්කි සඳහන් කළේය.
වත්මන් යුධ පෙරමුණ පවතින සීමාවන්හිදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේනය උත්සාහ කළද, ඉදිරි මාස දෙක ඇතුළත සමස්ත ඩොන්බාස් කලාපයම මුදා ගැනීමට තමන් අපේක්ෂා කරන බව රුසියාව විසින් වොෂින්ටනයට දන්වා ඇතැයි වාර්තා වේ.
"රුසියාවේ ස්ථාවරය වී ඇත්තේ යුක්රේනයට ඉවත් වීම සඳහා මාස දෙකක කාලයක් පවතින බවයි. එසේ වුවහොත් යුද්ධය අවසන් වනු ඇත. නමුත් යුක්රේනය ඉවත් නොවන්නේ නම්, රුසියාව විසින් ඩොන්බාස් කලාපය බලහත්කාරයෙන් අත්පත් කරගන්නා අතර එවිට කොන්දේසි වෙනස් වනු ඇත," යනුවෙන් මොස්කව් පාලනය ඇමරිකාවට කළ බව කියන ප්‍රකාශයක් උපුටා දක්වමින් සෙලෙන්ස්කි පැවසීය.
පසුගියදා රොයිටර් පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සෙලෙන්ස්කි කියා සිටියේ ඩොන්බාස් ප්‍රදේශය රුසියාවට පවරා දෙන තෙක් යුක්රේනයට ආරක්ෂක සහතික ලබා දීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග අර්බුද කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රුසියාව සමඟ පවතින ගැටුම අවසන් කරන ලෙස යුක්රේනයට පීඩනය එල්ල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඩොන්බාස් කලාපයෙන් ඉවත් වන ලෙස වොෂින්ටනය කියෙව් පාලනයට බල කර නොමැති බවයි. ගැටුම අවසන් වන තෙක් ආරක්ෂක සහතික ලබා දිය නොහැකි බව පමණක් දන්වා ඇතැයි ඔහු අවධාරණය කළේය.
2022 වසරේදී පැවැති ජනමත විචාරණයකින් පසු ඩොන්බාස් ඇතුළු ප්‍රදේශ කිහිපයක් රුසියාවට ඈඳා ගැනීමට එරට රජය කටයුතු කළේය. තිරසාර සාමයක් සඳහා යුක්රේන හමුදා එම ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ක්‍රෙම්ලිනය අවධාරණය කරයි.

ඇයි නිකම් මේ කාලකණ්නිම නිවුස් විතරක් ම දාන්නේ? ඇමරිකාවෙන් අද ආර්ටිමිස්-2 අභ්‍යවකාශ ගත වෙනවා, සඳ වටා ගොස් ආපසු පැමිණීමට, 80%ක් කාළගුණික තත්වය යහපත්. සෝලා කුණාටුවක් තිබෙනවා, එය ඉලෙක්ට්‍රොනික්ස් වලට යම් බාධා කිරීමක් කරන්ඩ පුළුවන්, ඒ නිසා යම් විදියකින් අභ්‍යවකාශ ගත කිරීම අද වැලකුණොත් හෙට නැවත උත්සාහ කරණවා. ගඟණ ගාමීන් 4 දෙනෙක් යාමට නියමිතයි. ලබන වසරේදී යළි සඳ මත පා තැබීමට නියමිතයි. එතැන් සිට සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සෑදීමට කටයුතු කරණවා. පොඩ්ඩක් ධනාත්මක නිව්ස් දාපල්ලා.
ReplyDeleteමේවා නැතුව රංවල උතුමගෙ උපාදි සහතිකේ දාන්නයැ
Deleteජනාධිපති තුමාට උපාධිය භෞතික විද්‍යාව උපාධිය තියෙනවා. අගමැතිණියගේ විදේශ උපාධි 3ක් තිබෙනවා, මූලික, පශ්චාත් සහ ආචාර්ය උපාධි, කථා නායකතුමා ගේ වෛද්‍ය උපාධිය තියෙනවා, තව ඉංජිනේරු තාක්ෂණවේදය පිළිඹඳ සහතිකය තිබෙන බිමල් රත්නායක වගේ අය ඉන්නවා, ආචාර්ය උපාධි තියෙන කීප දෙනෙකුත් ඉන්නවා ඉතින් ඒවා තමා සුදුසු කම්, පුළුවන් නම් කියපන් කෝ රාජපක්ස යුගයේ කට්ටියගේ උපාධි සුදුසු කම් ගැන. මගෙ හිතේ මර්වින් සිල්වා නම් උපාධිය කලේ නෑ, අනික් අය නම් කොහොමත් නෑ. නාමල් ට නම් උත්තර ටික කියලා දීලා විභාගෙ අස්සේ උපාධිය තියෙනවා.
Deleteඋපාධි ගැන කියවන්න එපා..උපාධිම තියෙන උන්ද රටවල් ගොඩනගලා තිබ්බේ කියලා ලෝක ඉතිහාසයත් කියවපං.සඳ ගමන් උබ පලයං..මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා..ආටිමිස්-2 න් කන්න ඉල්ලපං..ගෙනත්දෙයී.මහපොළවේ පයගහපං බං මුලින්
Deleteරංවල උතුමගෙ සහතිකේ අංරගෙ එකෙනුයි හරිනිගේ එකෙනුයි වහන්න බෑ බං
Deleteබිමල්ටත් AL ඇර වෙන මුකුත් නෑ කොලුවො ඌ යුනිවසිටියේ ඩ්‍රොපවුට් එකෙක්
නෑ මේ මගෙන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොහෙද යන ගොනෙක් ඉල්ලුවනේ රංවලගේ සහතිකේ. ඒ නිසා තමයි සහතික පිළිඹඳ ප්‍රකාශ කලේ. නැත්නම් සහතික ඵලක් නෑ. (උපාධිධාරීන් තමයි සිංගප්පූරුව දියුණු කලේ, දන් නැත්නම් කියවලා බලපන්, ගොනා). බිමල් ඩ්‍රොපවුට් නෑ, බිමල් එන්.ඩී.ටී. කලේ, සහතිකය සම්පූර්ණ කලා, ඒක ඉංජිනේරු උපාධිය නෙවේ, ඒකයි කිව්වේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිඹඳ සහතිකය කියලා. නොදන්න මඟුල් නොකියා හිටපන්.
Deleteආටිමිස්-2න් කන්ඩ ඉල්ලන්ඩ එපා කියලා මට කියන්ඩ එපා, සී නිවුස් එකට කියපන් කන්ඩ නැති එවුන්ට තව ඔලුවේ ගින්දර එන ප්‍රශ්ණ, මේ ලිපියේ තියෙනව වගේ යුක්රේන් යුද්ධය ගැන මඟුල් වගේ දේවල් දාන්ඩ එපා කියලා, යමක් තේරෙන් නැති ගොන් වහල්ලු නෙ තොපි කොහොමත්.