රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දැනට දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හමුවේ වුවද, දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) අවධාරණය කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිල නිවේදනයක දැක්වෙන්නේ, තම සංගමයේ සාමාජිකයන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට හෝ විරෝධතාවකට සම්බන්ධ වී නොමැති බවයි.
රජයේ රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව සැපයීමට පියවර ගෙන ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුවද, සැලකිය යුතු ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන් පිරිසක් විශේෂඥ වෛද්‍යවරුන් හා එක්ව රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබා දෙන සහයෝගය සංගමයේ ඇගයීමට ලක් වේ.
දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී සත්කාරක සේවාවන්ට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සංගමය සිය දැඩි අවධානය යොමු කර සිටී. මහජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් තම සාමාජිකයන් සැමවිටම කැපවී සිටින බව AMS සංගමය යළි අවධාරණය කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බව එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියි

මේව පුරුදු කළේ කවුද?
ReplyDelete