මීළග වාරික දෙන්න නම් විදුලිය, ඉන්ධන මිල පිරිවැය නිරූපනය කරනු..- IMF නිවේදනයක්


ඉදිරි මූල්‍ය වාරිකය ලබා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන මිල පිරිවැය මත පදනම්ව තීරණය කිරීමේ
(Cost-recovery pricing) ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

එවන් පැපගෝර්ජියු මහතාගේ නායකත්වයෙන් යුත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස 2026 මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු බවයි. එහිදී අවදානමට ලක්විය හැකි ජනකොටස් ආරක්ෂා කරන අතරම, විදුලිය සහ ඉන්ධන සඳහා පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කිරීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කිරීම ප්‍රධාන කොන්දේසියක් ලෙස පෙන්වා දී ඇත.

දිළිඳු ජනතාව ආරක්ෂා කිරීමේ වැදගත්කම මිල සංශෝධන හමුවේ සමාජයේ වඩාත්ම පීඩාවට පත්වන සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතාවක් විය යුතු බව මූල්‍ය අරමුදල පවසයි.

මේ සඳහා සමාජ ආරක්ෂණ ජාලයන්හි ඉලක්කගත කිරීම්, ප්‍රමාණවත් බව සහ ආවරණය ශක්තිමත් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් නිර්දේශ කරයි.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ ස්වභාවික විපත් වැනි බාහිර බලපෑම් හමුවේ ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීමට මෙවැනි දැඩි ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ඔවුන්ගේ මතයයි.

මෙම සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700(SDR මිලියන 508) පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025 වසරේදී සියයට 5ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, උද්ධමනය පාලනය වී නිල විදේශ සංචිත ප්‍රමාණය 2026 මාර්තු අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා වර්ධනය වී තිබීම ප්‍රශංසනීය බවද මූල්‍ය අරමුදල සඳහන් කරයි.

නමුත් තවදුරටත් සාර්ව ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අත්‍යවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ

අදාල නිවේදන මෙතනින්...

Previous Post Next Post