RDA කොන්ත‍්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා තිබෙනවා.. නැවත ඒවා එකතු කරමින් ඉන්නේ..

 


මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පිරිසකට සිදුව ඇති ද්විත්ව ගෙවීම්  සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර, එම මුදල් නැවත අය කර ගැනීම සඳහා බැංකු පද්ධතිය සතු විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ගොනුව සම්ප්‍රේෂණය කිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවයි.

 මෙහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ගනුදෙනුකරුවන් පිරිසකගේ ගිණුම් වෙත එකම ගෙවීම දෙවරක් බැර වී තිබේ.

මෙම මූල්‍ය දෝෂය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ බැංකු පද්ධතිය තුළ මෙවැනි වැරදි ගෙවීම් යළි අය කර ගැනීම සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් පවතින අතර, බැංකුව විසින් ඒ සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවය.

මෙම සිදුවීම හේතුවෙන් රජයේ ගිණුම්වලට, ආයතනික ගිණුම්වලට හෝ කිසිදු පුද්ගලික ගිණුමකට පාඩුවක් හෝ අහිතකර බලපෑමක් සිදු වී නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියට හෝ වෙනත් ගිණුම් හිමියන්ට මෙයින් මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත්, අදාළ මුදල් අය කර ගැනීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සහතික කළේය.

ලංකා බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බවද මෙහිදී පැවසීය.

13 Comments

  1. Digital artikaya ape Digital handunum parh daththa? Mata nam bayai.




    ReplyDelete
  2. බොරු කියන්න එපා බං. උඹලාගේ හෙංචයියන්ට වැඩියෙන් ගෙව්වා. දැන් අතේ මාට්ටු වෙලා. කාලකන්නි පල්හොරු.රටේ මහජන මුදල් හොරාකන හොරු.

    ReplyDelete
  3. මුන් හොරා කාල තව බොරුත් කියනවා. මෙහෙම හොර ගුලාවක් ලංකා ඉතිහාසෙම නෑ. හොරු මදිවට බොරු

    ReplyDelete
  4. සතෙන් සතේද කාලකණ්නි බේසික් පුතෝ

    ReplyDelete
  5. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද? අම්මපා!

    ReplyDelete
  6. පට්ට හොරු මුන්

    ReplyDelete
  7. එතකොට අර තට්ටය කියන්නෙ වෙන දෙයක් නේද?

    ReplyDelete
  8. මුන්ට පාඩුවේ හොරකම් කරන්න දෙන්නෙම නෑනේ

    ReplyDelete
  9. තුන්ඩු කෑල්ලේ ලියලද හුත්තිගේ පුතෝ තොපි සල්ලි දෙන්නේ? නෙදකින් හොර තක්කඩි ගල් අපතයෝ. මුන්ට ආයේ ආත්මෙකට බලය ලැබෙන්නේ නැති නිසා පකයලා අවුරුදු දෙතුන් සීයකට ඇතිවෙන්නම හොරාකනවා

    ReplyDelete
    Replies
    1. Paradila innakota dukai thama...Thawa Wallaliyan...Hamadama hulla hulla idapalla

      Delete
  10. මේ තරම් උගත් මිනිස්සු මේ තරම් පොල්බූරුවො වගේ වැඩ කරයි කියලා හිතුවද ?

    ReplyDelete
  11. C News delibrately misleading people here... What is said was that from RDA accounts there had not been a double payment...It is a bank system error...RDa has not paid twice....It is a BOC matter..They are taking action to take money back as much as possible

    ReplyDelete
Previous Post Next Post