රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩුවක්ව පැවති නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
රටේ පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇති බවත්, ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන බවත් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිද භාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේය.
පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් මඟහැරී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය අලුත් අවුරුදු සමයේ දියේ ගිලීමෙන් සිදු වූ මරණ දෙස බැලීමේදී දරුවන්ට පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා ලබා දීමේ වැදගත්කම පැහැදිලි වන බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
"විෂය නිර්දේශ සංශෝධනය කරමින් අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ඉදිරියේදී 9 වසරේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරනවා. එම විභාගය හරහා දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු වීමේ අවස්ථාව උදාවෙනවා. ඒ වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන 50 ක් පමණ වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා.
මින් පෙර වෘත්තීය පුහුණුවට යොමු වූයේ පාසල් අධ්‍යාපනය අසාර්ථක වූවන් වුවත්, නව ක්‍රමය යටතේ ශාස්ත්‍රීය හා වෘත්තීය අධ්‍යාපනය යන දෙකටම සමබර හා සමාන ගෞරවයක් හිමිවනු ඇත."
පාසල් දරුවන් ඉලක්ක කරන මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ද අදහස් පළ කළ අමාත්‍යවරයා වයස අවුරුදු 12-16ත් අතර පසුවන පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වර්තමානයේ ගම්මාන කරා ද පැමිණ ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මහා සංඝ රත්නය, ගුරුවරුන්, දෙමාපියන් සහ නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බවත්, කිසිදු විටෙක අත්හදා බැලීමක් ලෙසවත් මත්ද්‍රව්‍යවලට යොමු නොවන ලෙසත් අමාත්‍යවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව, පසුගිය ආපදා අවස්ථා වලදී පීඩාවට පත් දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා රජයෙන් රුපියල් 25,000ක මුදලක් ලබා දුන් බවත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය ඇතුළු අනෙකුත් ශිෂ්‍යාධාර ද වැඩි කර ඇති බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, මහජන බදු මුදලින් ඉදි වූ මෙම නව ගොඩනැගිල්ල ආරක්ෂා කර ගනිමින් ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.
කලා වැව සහ මී ඔය අතර පිහිටි, ප්රාග් ඓතිහාසික යුගයේ සිටම නාග හා යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වූ ඓතිහාසික පසුබිමක් සහිත වනාතවිල්ලුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය අඛණ්ඩව කැපවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තාමත් රවට්ටනවා
ReplyDeleteකියලා තියෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ කියන්නේ ඡන්දෙ ලඟයි.
ReplyDeleteඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව තාමත් රවට්ටනවා
ReplyDeleteදැන් ගුරුවරුන් මේකට ඇන්දෙනවා. මාලිමාව ගගා ච්න්දෙ දෙනවා. ඊට පස්සෙ බනිනවා. ඩොලර් එක 332 වෙලා. ඒත් සමහර ගුරුවරු තාමත් රැවටෙනවා.
ReplyDeleteමේ රජය බලයට ගෙන එන්න රෙදි නැතුව කඩේ ගිය ගුරුහොරුන්ට තවත් ලප ගුලියක්..ගිලපන්, රැවටියන්, පාරවල්වලම ලැගපන්.
ReplyDelete