15දා LC 1782 කතාව ඇන්දිල්ලක්.. LC එකකින් වාහන පන්දාහක් ගේන්න පුළුවන්.. අවුරුදු ගාණකට අධිබාරය නෑ..


රජය පාර්ශවයෙන් ප්‍රකාශ වන පරිදි පසුගිය 15 වනදා විවෘත කරන ලද ණයවර ලිපි (LC) 1782 සහ ඒම ණයවර ලිපි මගින් මෙරටට ආනයනය කිරීමට නියමිත සැබෑ වාහන සංඛ්‍යාව අතර විශාල පරස්පරතාවයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කෙරෙන්නේ එක් ණයවර ලිපියක් යනු එක් වාහනයක් නොවන බවයි. එක් ණයවර ලිපියක් තුළ වාහන 3,000 ක් හෝ 4,000 ක් වුවද ඇතුළත් විය හැකි බවත්, එය ආනයනකරුගේ මට්ටම අනුව තීරණය වන බවත් වාහන ආනයනකරුවන් පවසති. 

සාමාන්‍ය ආනයනකරුවෙකුගේ ණයවර ලිපියක වාහන 2, 5, 10 හෝ 100 ක් තිබිය හැකි වුවද, ප්‍රධාන නියෝජිත සමාගමකට (Agent) එකම පේළියක් යටතේ වාහන 5,000 ක් සඳහා වුවද එක් ණයවර ලිපියක් විවෘත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මැයි 15 වනදා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 23 ක වටිනාකමකින් යුත් ණයවර ලිපි වාහන වෙනුවෙන් විවෘත වී ඇති බවද ඒම ණයවර ලිපි විවෘත කර ඇත්තේ රජය පනවා ඇති අධිභාරයෙන් නිදහස් වීම සඳහා බව පෙනී යන්නේ යයිද ඔවුන් පෙන්වා දේ.

 ජපානය වැනි රටවලින් පාවිච්චි කරන ලද (Used) වාහන ගෙන්වීමේදී චැසි අංකය ඇතුළු සියලු විස්තර ණයවර ලිපියට ඇතුළත් කළ යුතු වුවද, නවතම (Brand new) වාහන ගෙන්වන සමාගම්වලට එම ගැටලුව පැන නොනගින බව සංගමය පවසයි.

සාමාන්‍ය වාහන ආනයනකරුවන්ගේ ණයවර ලිපියක වලංගු කාලය මාස තුනක් වැනි කෙටි කාලයකට සීමා වුවද, ප්‍රධාන නියෝජිත සමාගම්වලට වසර එකහමාරක් හෝ දෙකක් වැනි දීර්ඝ කාලයක් වලංගු වන පරිදි ණයවර ලිපි විවෘත කිරීමේ හැකියාව පවතී. 

මෙමඟින් එම සමාගම්වලට ඉදිරි වසර කිහිපය සඳහාම අවශ්‍ය වාහන දහස් ගණනක්, අදාළ අධිභාරය ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව සලසාගෙන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි

17 Comments

  1. ලෙමන්පක්කාරයා කලබල වෙලා.



    අටවෙනිදා නඩුව නේද

    ReplyDelete
    Replies
    1. අන්න ඩොලර් එක 360යි. කලු කඩේ 400යි.
      බඩු මිල අහස උසට. ඒව පොඩ්ඩක් බලපන්කො.

      Delete
    2. ඌ ලෙමන් පෆ් කෑවට මේ කතාව කියල තියෙන්නෙ වාහන ආනයනකරුවන් නේ ඩෝබියො.
      උන් කියල තියෙන කතාව ඇත්ත නේද ඩෝබියො...?
      ඇඬෙනවා නේද ඩෝබියො..?
      කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේද ඩෝබියො..
      ගල් අඟුරු වල පවු මිනිස්සු ගෙවනවා නේද ඩෝබියො..

      Delete
    3. මන්චීකාරයත් දාර හොර ජෙප්පෙක් තමයි. ලංකාවෙ දූශිතම ආණ්ඩුව ජේවීපී පකේ ආණ්ඩුවයි.

      Delete
  2. කොහොමත් ලංකාවේ මිනිසුන් කරන්නේ අඳින එක තමයි.

    ReplyDelete
  3. බිල්ලන්ට ජනතාව දැන් අන්දවන්න බැහැ

    ReplyDelete
  4. පන්දාහක් නෙමේ බං බැසිල EV ලක්ෂයක් බැස්සුවේ බජට් එකට කලින් දවසෙ. එතකොට මේ නිවුස් ලියන උඹල උන්ගෙ පිටිපස්සෙ සාක්කුවට වෙලා උන්ගෙ පඩේ ඉඹ ඉඹ අනේ සෑර්, හරිම සුවඳයි සෑර්, තව එකක් අරින්නකෝ සෑර් කියන කාලෙ.

    කොහොමද කාලේ වෙනස රාලේ? උඹලගේ හාම්පුතල දැන් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. උඹලගේ අර තකතීරු විමලාවතී, හොම්බෙන් යන්න පටං ගත්ත විතරයි.

    ReplyDelete
    Replies
    1. National Pacha Party (NPP)May 22, 2026 at 10:51 AM

      EV ලක්ශයක් ගෙනාවා? සූ.... බලන්න නේ....
      බොරුවක් කියනකොට ඔච්චර ලොකු කරලා කියන්න එපා.
      එතකොට ඒක නිකන්ම මාට්‍ටු වෙනවා.
      බලපන් උඹලගේ ලොක්කො ටික ගානට දෙන්නෙ.
      හරියට ඉගෙන ගනින් බං. පක්ශෙ ගරුත්වය නැති කරන්න එපා.
      බොරුව උනත් දෙන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න. (පසු කාලීනව කෙල වෙලා යනව ඉතින්.)

      Delete
    2. අනේ හාමුට එක එක ඒවා කියන්න එපා කුක්ක කලබල වෙනව. දැක්ක නේ, හොඳට මතක තියං ඉන්නෙ හොරා කාපු ඒවයෙ දිග පළල.

      Delete
    3. රාජපක්සල පොඩි හොරු කිව්වම තරහ යන 2.5% ක් ඉන්නව ලංකාවේ මල්ලි. වැඩිය හිතන්න එපා

      Delete
    4. 5000 ක් නේද... හිකිස්..
      ෆයිල් තියෙනවා නේද... චෙක් වල අංක ත් තියෙනවා නේද..
      ගොන් ඩෝබීලා මේ වගේ කොමෙන්ට් දාලා ආණ්ඩුවේ රෙද්දේ රෙවනවා

      Delete
  5. බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්‍රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි.

    ReplyDelete
  6. Moo ethanath pacha kiyalada?

    ReplyDelete
  7. අවුලක් නෑ බන් මහින්ද හොරා කියල සතියට සැරයක් නිව්ස් වල කිව්වනම් ඇති. වහල්ලු නොවන උගත් බුද්දිමත් ජෙප්පන්ට ඒ ඇති. ඩොලර් කන්නද? තෙල් ගහන්න වාහන නැති උන්ට ඕවා අදාලම නෑ. රටට මොනව උනත් කමක් නෑ. මහින්ද හොරා කිව්වනම් ඇති. මහින්ද හොරා අනුරට ජය වේවා…

    ReplyDelete
    Replies
    1. හොරාට හොරා නොකියා ජාතික වීරය කියන්න යැ

      Delete
  8. දෙකේ පන්තියේ බබෙකුට දුන්නනම් මිට වඩා හොදට කරනවා , රාජපක්ෂ නැති නෙව්ස් එකක්'පේන්නෙත් නැ , නාමල්ට ඉතින් වෙනම මර්කෙටින් එකක් ඕන නෑ , නිකන්ම ලොක්ක 29 ජනාධිපති

    ReplyDelete
  9. Vahana vikunanne dadhi bharaya ekathu karalane.

    ReplyDelete
Previous Post Next Post