ඉදිරි කාලය තුළ ඩීසල් ලීටරයක මිල රුපියල් 150කින් ඉහළ යාමේ අවදානමක් පවතින බවත්, ඒ සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් 30%කින් පමණ ඉහළ යනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම මිල ඉහළ දැමීම වැළැක්විය නොහැකි වනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වන විට රුපියල් 292ක්ව පැවති ඩොලරයක අගය මේ වන විට රුපියල් 336 දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඩොලරය රුපියලකින් වැඩි වන සෑම අවස්ථාවකම රටේ ණය බර රුපියල් බිලියන 40කින් ඉහළ යන බව පෙන්වා දුන් මරික්කාර් මහතා, වත්මන් පාලනය යටතේ රටේ සමස්ත ණය බර ඩොලර් බිලියන 93 සිට බිලියන 107.2 දක්වා ඉහළ ගොස් ඇති බව ද අනාවරණය කළේය.
ඩීසල් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ ලබන සතියෙන් පසු අල, පරිප්පු, සීනි, තෙල් සහ බෙහෙත් වැනි පිටරටින් ගෙන්වන සෑම ද්‍රව්‍යයකම මිල 30%කින් පමණ ඉහළ යනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එසේම විදේශයන්ගෙන් ගෙන්වන පොහොර මිල ඉහළ යාම හරහා දේශීය සහල් මිල ද ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ගල් අඟුරු ආනයනයේදී සිදුව ඇති අක්‍රමිකතා හා ප්‍රමාදයන් හේතුවෙන් පෞද්ගලික අංශයෙන් ඩීසල් සහ ෆර්නස් ඔයිල් මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුව ඇති බවත්, ඒ සඳහා මසකට රුපියල් බිලියන 10කට වඩා වැඩි අමතර මුදලක් වැය වන බවත් මරික්කාර් මහතා පැවසීය. මෙම වියදම් පියවා ගැනීමට සිදුවන්නේ ජනතාවගේ බදු මුදල්වලින් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
විදුලි බිල අඩු කරන බවටත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සෞඛ්‍ය වියදම් අඩු කරන බවටත් පොරොන්දු දී බලයට පත් වූ මෙම රජය, මේ වන විට ජනතාවට දුන් පොරොන්දු පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව ද ඔහු චෝදනා කළේය. විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා වෙනුවට රජය විසින් එය තවදුරටත් ඉහළ දමා ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය

කෝ අර සංගීත් කියන අපත ගායකයා..මුන් තමයි මිනිසුන්ගෙ ඔලු හේදුවේ හොර ජෙවිපි හැතිකරෙ හොඳයි කියලා
ReplyDeleteමේකනම් සාපයක් තමයි
ReplyDeleteමහින්දයට හොද වැඩේ පෙට්‍රල්, ඩීසල් , විදුලිය, බදු මුකුත් වැඩි නොකර යුද්දයක් කරා. මේකේ ඉන්න උන්ට ඕනවට වඩා කරන්න යන්න හොද නෑ.
ReplyDeleteමාර වැඩේ අපිට උනේ
ReplyDelete