රුපියල මත පීඩනය ඉතා දැඩියි.. ශ‍්‍රී ලංකාව නැවතත් 2022ට වැඩි අර්බුදයක් ආසන්නයේ..

 


ලෝකයේ පිරිහෙන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, රුපියල මෙලෙස අඛණ්ඩව කඩාවැටුණහොත් 2022 වසරේදී ජනතාව මුහුණ දුන් පීඩනයට වඩා වැඩි ආර්ථික පීඩනයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අනතුරු අඟවයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක ඉතා භයානක විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. 

හාචාර්යවරයා පවසන පරිදි, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියලකින් වැඩි වන සෑම අවස්ථාවකම මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 37.7කින් ඉහළ යයි.

පසුගිය පෙබරවාරි මාසය වන විට රුපියල් 309ක් ලෙස පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 344 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඒ අනුව මෙරට ණය බර සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි. 

රුපියල මෙලෙස දිගින් දිගටම අවප්‍රමාණය වීම හරහා ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය බිඳ වැටෙන බවත්, එමඟින් රට නැවත වතාවක් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.

මෙම තත්ත්වය හමුවේ රජය වගකීමෙන් බැහැර නොවිය යුතු බව පවසන මහාචාර්ය පෙරේරා මහතා, මෙය ඇමෙරිකාව හෝ ඉරානය අතර පවතින යුද තත්ත්වය වැනි ජාත්‍යන්තර කරුණු මත සිදුවන්නක් යැයි පවසමින් රජය ඇඟ බේරා ගැනීමට උත්සාහ නොකළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

4 Comments

  1. කොටාට බෑ.....බෑ.....බෑ.....!

    ReplyDelete
  2. Replies
    1. ගෝඨාට කොවිඩ් වගේම යුක්‍රේන රුසියන් යුද්ධෙත් එකපාර ආවේ. ඒ මනුස්සය පුදුම විදියට අසරණ වෙලා ඉන්නකොට තමයි පාහර විපක්ශෙ විදියට එජාපෙ, සජබෙ, ජවිපෙ තුන් කට්‍ටුව එකතු වෙලා හොරා හොරා කැම්පේන් එක පටන් ගත්තෙ. දැන් උන්ට මොකද වෙලා තියෙන්නේ. ඔක්කොටම කෙල වෙලා.

      Delete
  3. බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්‍රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි

    ReplyDelete
Previous Post Next Post