2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා පවසා සිටියේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.
රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම මෙන්ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත් වත්මන් රජයට බලයට පත් කරගැනීමේදී ජනතාව ලබා දුන් ජනවරමේ අපේක්ෂාව වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.
එමෙන්ම, නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමේ වගකීම තම රජය යටතේ ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අද බලය, ධනය සහ තරාතිරම නොබලා සෑමට නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද පෙන්වා දුන්නේය.
එසේම, විශ්‍රාම වැටුප ඇතුළු දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද අහෝසි කර දේශපාලකයා මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
1999 වසරේ ආරම්භ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 වසරේ සිට සම්පූර්ණයෙන් නතර වී තිබිණි. ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත අම්පාර දිස්ත්‍රික්කයේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් මතු පරපුරට දායාද කිරීමේ අරමුණෙන් සහ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමකට අනුව වැඩ ආරම්භ කර වසර 24කට පසුව යළි මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සදහා සමස්ත ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 945.04ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන 2026 අයවැය යටතේ වෙන් කර ඇත. ඉතිරි ප්රතිපාදනද අවශ්‍යතාව පරිදි වෙන් කිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් 2027-12-31 දින වන විට අවසන් කිරීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"අපි ජනතාව අසීරුතාවට පත් වූ අවස්ථාවේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක්. දිට්වා සුළි කුණාටුව හමුවේ මෙන්ම මැදපෙරදිග යුද තත්ත්වය හමුවේත් අපි ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. අපි රටේ ආර්ථිකය ශක්තිමත් කළා. එහෙත් මැදපෙරදිග කලාපයේ නැවත යුද තත්ත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉන්ධන ගෙන්වීමේදී ඩොලර්වල අගය ඉහළ ගියා. සියලු ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒ නිසා වැඩි ඩොලර් ප්‍රමාණයක් අද පිටතට ගලාගෙන යනවා. අපිට ඩොලර් එන්න තිබුණු සංචාරක කර්මාන්තයට බලපෑමක් ඇති වුණා. ඇතැම් අපනයන ආදායම්වලට බලපෑමක් ඇති වී තිබෙනවා. අද රුපියලට සාපේක්ෂව ඩොලරය යම් ප්රමාණකින් ඉහළ යමින් තිබෙනවා. ඇතැමුන් කියනවා මේක 2022 වගේ කියලා. 2022 වගේ වෙන්නේ නැහැ. 2022 අපිට රුපියල් තිබුණේ නැහැ. 2022 මහබැංකුවෙත් ඩොලර් තිබුණේ නැහැ. අද එහෙම නෙවෙයි, වෙළෙඳපොළේ ඩොලර් හිඟයක් තිබෙනවා. මහබැංකුවේ ඩොලර් මිලියන 7,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එදා මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50යි. හෙට අනිද්දා අපිට තවත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. එවිට සැලකිය යුතු ඩොලර් සංචිතයක් අපි ළඟ තිබෙනවා.
හැබැයි, ක්‍රමානුකූලව අපි රටේ ආර්ථිකය හැසිර විය යුතුයි. අපි කිසිසේත්ම ආනයනය කරන ඉන්ධන, ගෑස්, කිරි පිටි, පොහොරවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ. මම එය ඔබට සහතික වෙනවා. එදා ඉන්ධන නැතිව ගියා, කිරිපිටි නැතිව ගියා, ගෑස් නැතිව ගියා. පොහොර කොහොමත් නැතිව ගියා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. එහෙත් අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි එය කළමනාකරණය කර ගත යුතුයි. රට ඇතුළේ ප්‍රශ්නවලට අපි මුහුණ දුන්නා. දිට්වාවලට අපි මුහුණ දුන්නා. එය අභ්‍යන්තර ප්‍රශ්නයක්. හැබැයි, මෙය අපේ පාලනයෙන් තොර මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වයක්. මෙයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් බොහෝ අය මතවාද හදන්න හදනවා, මේක 2022 වගේමයි කියලා. එහෙම වෙන්නේ නැති බව ඔබ මතක තබා ගන්න. අපි ඒ ප්රශ්නය විසඳනවා. අපි රුපියල් උපයා තිබෙනවා. ඒ නිසා තමයි අද මේ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත මේ සංස්කෘතික මධ්‍යස්ථනයේ ඉදිකිරීම් වෙනුවෙන් අපිට ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබුණේ."

තවත් කයිය තමයි ... යකෝ තොගේ කලිසමේ තොට රෙවිලා තියෙන්නේ ... පල පර වේසිගෙ පුතා ... හෝදගන් ,... ලෝකේ වටේ ගඳ හමනවා
ReplyDeleteANURA/NPP is doing right thing.. no need of alternatives
Deleteපකයා .. රටටම කෙලවලා දැන් එනවා පඬි ටෝක් දීගෙන
ReplyDeletetell us what happened to millions dollars lost under your ministry
ReplyDeletewhat happened to vehicles handover and shawn in galleface under your secretary
how much public money you recovered from coal lost
why you purchased Diesel for world record spot price from public money
why is your government goes beyond Diaspora agenda, finally what they gave to you
කයිය සංචිත ඩොලර් 7000 ගැන...තමුන් බලයට ආවට පස්සේ ඩොලර් මිලියන කීයක් වැඩි උනා ද.... ළැජ්ජ නැහැ.
ReplyDeleteජෙප්පො හිටපු ආප්ප සිරාගෙ ආණ්ඩුව නවත්වපු තවත් රාජපක්ෂ වැඩක්
ReplyDeleteබ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි
ReplyDelete2022 වගේ වුනොත් වෙන දේ දන්නවනේ.
ReplyDeleteOk, Mr. President, Could you let us know what are you going to do to stop what happened in 2022 not happening 2026? We have very difficult time in believing only by listening to your speeches. Let us know your program or plan of actions?
ReplyDeleteI no undastan inglish. Plese rite Sinhala. I no Sinhala and pisiks onli. Or betar i kol ministar Handun, he can tranlet this to Sinhala. Thankiv.
Deleteජනතාවගේ සෑබෑ දුක දැන්නා නායකයා
ReplyDeleteපක තමය්
Deleteමුගෙ කයියයි, පඩ ගඳයි ඇර වෙන මොකුත් නෑ.
Deleteඅර්බුද ඇති කරල රට වට්ටවල අහින්සක ගෝටබය❤මැතිතුමා එලවපු පාහරයො. දිට්ට දම්ම වේදනීය කර්මෙ විදවනවා. ආ දවසෙ ඉදන් රට අදුරට.
ReplyDeleteHaiyyen Mirikala Allagena inna one hodada? Oya ape kalu malli ne??
ReplyDelete