ඩොලරය 334 පනී.. යුරෝ 390 පනී...

 


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 18 දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව, මෙරට ප්‍රධානතම විදේශ විනිමය ගනුදෙනු වන ඇමෙරිකානු ඩොලරය, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම සහ යුරෝ යන ව්‍යවහාර මුදල්වල අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පවති.

ඇමෙරිකානු ඩොලරයේ මිලදී ගනු ලබන සාමාන්‍ය අනුපාතිකය රුපියල් 326.74ක් වූ අතර, විකිණුම් මිල රුපියල් 334.26ක් ලෙස සටහන් වී ඇත.

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 433.30ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 446.78ක ඉහළ අගයකත් පැවතුණි.

යුරෝ එකක් මිලදී ගැනීම සඳහා රුපියල් 377.79ක් සහ විකිණීම සඳහා රුපියල් 390.12ක අගයක් නියම කර තිබේ.

2 Comments

  1. අනේ ඉතින් jahamanayata......

    ReplyDelete
  2. අනේ ඉතින් jahamanayata......

    ReplyDelete
Previous Post Next Post