5% ආර්ථික වර්ධනයට යන්න බැරිවෙයි.. ඉදිරි ආර්ථිකය ගැන නිශ්චිතව කියන්න බෑ..- මහ බැංකු අධිපති


 ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 5කට ආසන්න වර්ධනයක් අත්කර ගනු ඇතැයි මීට පෙර අපේක්ෂා කළ ද, පවතින අවිනිශ්චිතතාවය හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම අපහසු වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය තුළ ආර්ථිකයේ හැසිරීම කෙසේ වනු ඇත්දැයි නිශ්චිතව පූර්වකථනය කිරීම අසීරු බව අධිපතිවරයා පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පසුව ලෝක ආර්ථික තත්ත්වයන්හි සිදුවූ වෙනස්වීම් මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපා ඇති බව ඔහු සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීම වැනි කරුණු මේ වන විටත් මෙරට ආර්ථිකයට ඍජු බලපෑම් එල්ල කර ඇති බවයි. 

පවතින මෙම අහිතකර තත්ත්වයන් මාස තුනකින් අවසන් වුවහොත් සිදුවන බලපෑමට වඩා, එය මාස හයක් හෝ නවයක් දක්වා දික්ගැස්සුණහොත් ආර්ථික වර්ධනයට සිදුවන බලපෑම තීරණාත්මක වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම අවස්ථාවේදී නිශ්චිත ඉලක්කම් සහිත පූර්වකථනයක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බවත්, පෙර අපේක්ෂිත සියයට 5ක වර්ධන වේගයට වඩා යම් අඩුවීමක් සිදුවිය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

3 Comments

  1. දිට්වා ආධාරයි, බදු සල්ලියි පෙන්නලා ආර්ථිකට දියුණු වෙලා කියලා තප්පුලෑවට රටේ කිසිම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක්වත් විදේශ ආයෝජනවත් නෑ. හාම්පුතාලයි, ඩෝබිලයි පච කෙළලා ස්වයං වින්දනයක් ලබනවා විතරයි.

    ReplyDelete
  2. මේ පල් හොරා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බටහිර රටවලට අපේ මාතෘභූමිය පාවා දුන් මේ හොර දෙටුවා තවමත් අත් අඩංගුවට නොගෙන අධිකරණයට ඉදිරිපත් කර උපරිම සඬුවම් ලබාදීමට කටයුතු නොකරන්නේ ඇයි? නන්දලාල් පල්හොරා, තෝ පවතින නීතියෙන් ගැලවී සිටියත් තෝ කරපු, කරන මහා පාප කර්ම වල විපාක ඉතාමත් නුදුරු දිනකදීම තොටත්, තොගේ පරම්පරා ගානකටත් විඳින්න වෙන බව සිහි කරගනින්, කලකණ්නියා 😡🤮

    ReplyDelete
  3. Munva heelaa karanna harihaman paalakayek inna oney Ranil vagey.

    ReplyDelete
Previous Post Next Post