දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිලිමීටර් 200 ඉක්මවූ අතිශය තද වර්ෂාපතනයක් සහ ගංවතුර අවදානමක් මතුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් පීඩාවට පත් විය හැකි ප්‍රදේශවල වෙසෙන මහජනතාවට සහ රථවාහන පදවන්නන්ට උපරිම අවධානයෙන් හා සූදානමකින් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (22) දින අලුයම විශේෂ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගු වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින්, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
පසුගිය පැය කිහිපය තුළ (මැයි 21 වැනිදා පෙ.ව. 08.30 සිට අද පෙ.ව. 04.00 දක්වා) දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් වාර්තා වී ඇත්තේ මෙසේය:
- ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල: මි.මී. 244
- ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ: මි.මී. 238
- කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල: මි.මී. 230
- කෑගල්ල දිස්ත්‍රික්කයේ පඹේගම වතුයාය: මි.මී. 181
- රත්නපුර දිස්ත්‍රික්කයේ නිරිඇල්ල: මි.මී. 171
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කරන ලද පළමු අංකිත ඇම්බර් (Amber) වර්ණ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී.
මෙහි බලපෑම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් සහ ඒ හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.
කළු ගඟ ද්‍රෝණියට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද පෙ.ව. 06.00 ට විශේෂ ඇම්බර් නිවේදනයක් නිකුත් කර තිබේ. කළු ගඟ ද්‍රෝණිය වෙත ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව, ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැක.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතුය.
සිදුවිය හැකි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සහ හානි අවම කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාපති, නාවික හමුදාධිපති, පොලිස්පති සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරුන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල වෙසෙන මහජනතාව තමන් අවට ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් විය යුතු අතර, ගංවතුර අවදානම් සහිත මාර්ගවල ධාවනයෙන් වළකින ලෙස වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණික සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳ නවතම තොරතුරු සහ හදිසි සහන සේවා අවශ්‍යතා සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය අමතන ලෙස මහජනතාවට දැනුම් දෙයි.

මුරුගසන් වර්ෂාවේ
ReplyDeleteරට අඳුරට
Deleteබුද්ධ සාසනයටත්, සිංහල ජාතියටත් කෙලවන මේ ආන්ඩුවට හෙන ගහලා අකුලෝලාම පල.
Deleteඉදල ඉදල රණවිරුවා කිව්වා විතරයි ගල් පැලෙන බොරුකියපු කටකින්, ස්වභාවධර්මය සියල්ල විසදමින් පවතී
ReplyDeleteරට අදුරට. මුස්පේන්තු ආන්ඩුව
ReplyDeleteරට අදුරට. මුස්පේන්තු ආන්ඩුව
ReplyDeleteකලින් පාර ත්රිකුණාමලේදී පිලිම වහන්සේ නමක් වැඩැම්මෙව්වා කියලා හාමුදුරුවන්ට කුඩ කැඩෙන්න ගහලා හිරේ දැම්මා. මුළු රටේම ගංවතුර ගලලා කඳුකරය නාය ගියා. මේ පාර අනුරාධපුරේ අටමස්ථානේ හාමුදුරුවන්ට බොරු චෝදනාවක් දාලා හිරේ දැම්මා. වකුගඩු දන් දීලා ලෙඩින් ඉන්න හාමුදුරුවො කෙල්ලො දූශණය කරයිද. මේ පාර දකුණ යටවෙයි. කාලකන්නි 68 ලක්ශේ පව් අනිත් උන් ගෙවන එකයි දුක.
ReplyDeleteමාලිමාවොන්ට බැරි වෙයිද දන්නෙ නැහැ උන්දැලගේ සර්වබලධාරි දෙයියට කියල මුකුත් කර ගන්න.
Deleteඋන්දැට කොරන්න බැරි දෙයක් නැහැ කියලා ලදරං වාහන වල පිටිපස්සේ ගහගෙන යනවා දැකල තියෙනව ඕන තරම්.
බුද්ධ සාසන ඇමැතියට කිව්ව නම් බයිබල් පාඨයකින් දෙයි ඇඬෙන්න.
බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි
ReplyDelete