රාජපක්ෂලාගේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන්නේ ඇයි..?


 රාජපක්ෂ පවුලේ පාලන සමය තුළ සිදුවූ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය හාස්‍යජනක බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ පවසයි.

ැටන් නගරයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ,

පසුගිය මැයි දිනයේදී ජනාධිපතිවරයා විසින් අධිකරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විපක්ෂය විසින් හිතාමතා විකෘති කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරනවා ,

රාජපක්ෂවරුන්ගේ නඩු පිළිබඳව කතා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ හඬා වැටීම පුදුමයට කරුණක් බවත්, මෙලෙස "බබාකරණය" වී ඇති විපක්ෂය දැනගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ මේ රටේ ජනතාව බබාලා නොවන බව අවධාරණය කළ යුතුයි ,

රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා, දූෂණ, අතුරුදහන් කිරීම් සහ ඝාතන පිළිබඳව ජනතාවට තවමත් පැහැදිලි මතකයක් ඇත,

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධ පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සමස්ත ජනතාවගේම අභිලාෂයයි ,

එම යුක්තිය ඉටුකිරීම රජයේ මූලික වගකීමක් වනවා එය කිසිසේත්ම අධිකරණයට බලපෑම් කිරීමක් නොවේ ,

අතීතයේ මෙන් නඩු යටගැසීම, ඩීල් දැමීම හෝ අධිකරණ ක්‍රියාදාමය හිතාමතා ප්‍රමාද කිරීමේ දූෂිත සංස්කෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොවිය යුතු බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ වශයෙන් අප අවධාරණය කරනවා,

ජනතාව ජාතික ජන බලවේගය වෙත ජනවරමක් ලබා දුන්නේ එවැනි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දී රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා බව පවසමින් චමීර පෙරේරා මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.

ආර්.එෆ්.එම්.සුහෙල්

1 Comments

  1. මේ මොන රිලවෙක්ද බන්

    ReplyDelete
Previous Post Next Post