කපිල චන්ද්‍රසේනගේ බෙල්ලේ තිබූ පටිය ගෙනා අය හෙලිවේ.. ප‍්‍රශ්ණ කරයි.. තොරතුරු රැසක් එලියට...


ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියයෑම කල්තියාම සැලසුම් කරගෙන සිට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.

විමර්ශන නිලධාරීන්ගේ මෙම සැකයට හේතුවී ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලා ගැනීමට යොදාගත් පටිය බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසේ සිට කොල්ලුපිටියේ නිවස වෙත සේවකයකු ලවා ඉකුත් 7 වැනිදා දහවල් ගෙන්වාගෙන ඇති බව හෙළිවීමත් සමගය.

එම සේවකයාගෙන් ද පොලිසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම පටිය සිය නිවසේ සිට ගෙන්වා ගැනීම ඔහු කල් තියාම සියදිවි හානි කරගැනීමට සැලසුම් කළ බව තහවුරු කිරීමට ප්‍රබල සාක්‍ෂියක් වනු ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ ගෙලේ තිබී සොයාගත් පටියේ කොටස් බාන්ස් පෙදෙසේ නිවසින් ගෙන්වා ගත් පටිය බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

කපිල චන්ද්‍රසේන මහතා තමන්ට අයත් ඇඳුම් කිහිපයක් සමග මෙම පටිය ද ගෙන්වාගත් බව එය රැගෙන ආ සේවකයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම පටිය කපිල චන්ද්‍රසේන මහතා “ජිම්” එකට (ශරීර අභ්‍යාසවල නිරතවන ස්ථානය) නිතර රැගෙන යන නිසා එය රැගෙන ඒමට කීම පිළිබඳව තමා සැක නොකළ බවද සේවකයා පවසා ඇත.

කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලා ගැනීමට කල් තියාම සැලසුම් කරගෙන සිටීම නිසා මෙම පටිය සිය නිවසේ සිට ගෙන්වා ගන්නට ඇති බවයි.

කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (10දා) වනතුරුත් ස්ථිර නිගමනයකට එළඹී නැත.

ඒ මහතාගේ සිරුරේ කොටස් විශේෂ රසායනාගාර පරීක්‍ෂණයක් සඳහා මෙම මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍ය මණ්ඩලය විසින් යොමු කර ඇත. එම රසායනාගාර පරීක්‍ෂණය අනුව මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිවැරදිව තහවුරු කරගැනීමට හැකි වනු ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

මෙම මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරමින් සිටියි. එහෙත් මරණය කුමන අයුරකින් සිදුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නැත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වර්ෂයේදී එයාර් බස් ගුවන් යානා 14ක් මිලදී ගැනීමේදී ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතා දින 54 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඇප මත මුදාහරිනු ලැබුවේ ඉකුත් 06 වැනිදාය.

පසුගිය 08 වැනිදා උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ නිවසක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වයි.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාට අවසන් වරට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳව ද පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ නිවසේ සිටි සේවකයන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි නිවස සහ ඒ අවට සියලුම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර සැකකටයුතු කිසිවකු මෙම නිවසට ඇතුළු වූ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැත.

හේමන්ත රන්දුණු
Divaina

6 Comments

  1. කොහොම උනත් ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතාව පාවා නොදී ඉක්මනින් ජීවිතය නිමා කර ගැනීම නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති වීමට මහඟු පිටිවහලක් වනු ඇත. ඡන්දදාස මහතාණනි පොහොට්ටු ආණ්ඩුවක් තුළ ඔබ ජාතික වීරයකු ලෙස නම් කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි පැලවත්ත Pelwatte Dairy product

      Delete
    2. මයේ ලක්ස්මන් කොලුවගෙයි මැදමුලනෙ මැටි මාටියා ගෙයි නං දෙක කිව්වේ නැති නිසා උඹ ස්වර්ගේ උපදියි මයේ පුතේ.
      මීට බෝන් අගේන් අම්මණ්ඩි

      Delete
  2. පැලවත්තේ සේවකයෙක්

    ReplyDelete
  3. කාලයක් හිරේ ඉඳලා එලියට ආපු කෙනෙක් ආපහු තමන්ගේ ව්‍යායාම (workout routines) පටන් ගන්න හිතුවා නම්, ඒකේ පුදුමයක් නෑ - පටිය ගේන්න කිව්වේ ඒ අනුව වෙන්නත් පුළුවන්

    හැබැයි මහ එකාගෙයි පොඩි එකාගෙයි නම් පැටලැව්වේ නැතිනම් සිය දිවි නසා ගන්න සලස්වනවාය කියන තර්ජනයට ලක්ව සිටින කෙනෙක්, සිය දිවි නසා ගන්න සිද්ධ වුනොත්, සිය දිවි නසා ගැනීම සඳහා ක්‍රමයක් ලෑස්ති කර ගෙන්න ඉන්න හිතුවා නම්, ඒකේ පුදුමෙකුත් නෑ - පටිය ගේන්න කිව්වේ ඒ අනුව වෙන්නත් පුළුවන්

    දෙකටම වෙන්නත් පුළුවන්

    ReplyDelete
  4. me anduwata kohomath meka nikan atha arala ahaka balan inna ba.ehe hitiyoth ithin mokadda une kiyala thiranaya karana eka minussu sathui.ranga rajapaksha eka dan katha karannane anduwa.ai a ewa nikan hithuwada kauruwath.eken msg ekak dunne Hardcore JVP carder ekata.

    ReplyDelete
Previous Post Next Post