මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු විය.
2019 වර්ෂයේදී ඉදි කළ මෙම ලවණ බාධකය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම්වලට නිරන්තර හානි සිදු විය.
එවක පැවති කිසිදු රජයක් මෙම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදුන් අතර, වත්මන් රජය යටතේ 2026 අයවැයෙන් මෙම ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කෙරිණි. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා හානියට පත් අනුක්‍රමික කන්න 07ක් සඳහා, මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.
අදාළ කන්නවලදී තමන්ට සිදු වූ වගා හානි පිළිබඳව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිසි පරිදි වාර්තා කර ඇති සියලුම ගොවීන්ට මෙම සහනය හිමි වන අතර, ඒ අනුව වගා නොකළ ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කිරීමට නියමිතය.
මෙහිදී සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකු සඳහා වන්දි ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, සියලු වන්දි හිමි ගොවීන් සඳහා ඉදිරි දින 14 ඇතුළත වන්දි ප්‍රදානය කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජනතාවගේ ආණ්ඩුවක් සහ විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් මේ වන විට රට තුළ ගොඩනැගී ඇති බැවින් පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීමට හැකියාව ලැබී තිබෙන බවයි.
“යම් හානියක් සිදූ වී කෙටි කාලයක් ඇතුළත වන්දි ගෙවිය යුතුය.”යන්න රජයේ ස්ථාවරය බවත්, ජනතාව මුහුණ දෙන එම ක්ෂණික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම ක්‍රමිකව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 90,000ක් වෙන් කර තිබෙන බවත්, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහන වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙරට ඉතිහාසයේ දශක ගණනාවකට පසුව වැදගත් ආර්ථික සාධක ගණනාවකින් මේ වන විට ඉහළ ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආර්ථික දත්ත මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය කෙතරම් පහසු වන්නේද යන්න මත රටේ ආර්ථික වර්ධනය පෙන්නුම් කෙරෙන බව සඳහන් කළේය.
ජනතාවට වග කියන ජනතාවගේ ආණ්ඩුවක් වන වත්මන් ආණ්ඩුව පළවා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඔවුන් සිදු කළ වංචා, දූෂණ පිළිබඳ චෝදනා අධිකරණය හමුවේ විභාග වන විට කලබල වී විවිධ අසත්‍ය කරුණු පතුරවමින් සිටින බවත්, එහෙත් වත්මන් ආණ්ඩුව තව තවත් ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටම යමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම, මෙම කාර්යයේදී කැප වී කටයුතු කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ආදී ආයතනවල කාර්යමණ්ඩල වෙත ස්තූතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළේය.
මාතර ගංවතුර ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීමට මෙන්ම, ආර්ථික වශයෙන් පහළ මට්ටමේ සිටින ජනතාවට ස්ථීර ආදායම් මාර්ගයක් ඇති කර දෙමින් උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමටත්, මාතර දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමටත් රජය විශාල වැඩකොටසක් සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවිත උසස් කළ හැකි වැදගත්ම මාවත අධ්‍යාපනය බව හඳුනාගත් රජය දිවයින පුරා පාසල් නවීකරණය මෙන්ම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදි කරමින් පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

එහෙනම් චන්දය තියන්න බයවෙලා ඉන්නෙ ඇයි?
ReplyDeleteMata duka ne news gahana mallila shashita gahana eka.paw wimala
DeleteDannam guu ka kannath lagayi
Deleteමේ ආණ්ඩුව පන්නන්න ජනතාවට උවමනා උනත් විපක්ෂයට කිසිදු උවමනාවක් නෑ.
Deleteආයෙත් අරගලයක් කොරල තොපිව පන්නන්න තමයි ජනතාව බලං ඉන්නෙ
ReplyDeleteඒ කතාව කියන්නේ ජනතාව නොවේ භය වූ ජනාධිපතියායි! මිලියන 150 කට වඩා ඡන්දය ඇති ජනතාවගේ අදහස් විමසීමක් හෝ පළාත් සභා මැතිවරණයක් තබා ප්‍රතිඵල වලින් පමණයි එය කිව හැක්කේ. මුං දැන්මම භය වෙලා. ඉස්සර මුංගේ ජංගියේ හිල්. දැං ජංගියේ ගූ.
Deleteසොරි මිලියන 15 හෝ ලක්ෂ 150
Deleteඌ කියන්නෙ ජනතාවට පන්නන්නවත් උවමනාවක් නැති හැටි කියන එකයි. ඌට කොරගන්න බැරිව එපා වෙලා ඉන්නෙ.
Deleteහික් හික් ඡන්දෙ තියලා බලමු.
ReplyDeleteහික් හික් ඡන්දෙ තියලා බලමු.
ReplyDeleteTawath pacha kelinawaa.. Iwarayak naha.... Muoo nam minihek wenna beha... Sathekutath anthayi... Kata kabarayaa... Balanna appiriyayi... Boru kiyalama muge Kate kabara daalaa...
ReplyDeleteඇයි චන්දෙ දියන්න බය. අරගල කරල එලවන්නෙ නැ. තොපිට චන්දෙ දුන්න එවුන් විදවනවා බලනකොට මාර සතුටුයි.
ReplyDeleteඋවමනාද නැද්ද කියල බලන්න චන්දයක් තියපියකෝ කොටෝ
ReplyDeleteඅගුරු කුමාරයට පැනල යන්න හිතිල වගේ
ReplyDeleteApoi Ow! We are waiting to give you power in the next election too! Have the provincial elections first, we will show ya!
ReplyDelete