රජයේ විදේශ ණය ගෙවීම් සම්බන්ධයෙන් සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර කමිටුවක් මගින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් ද පුළුල් විමර්ශන පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයාට අනුව, මෙම අදාළ ගෙවීම් සිදුව ඇත්තේ 2025 නොවැම්බර් සහ 2026 ජනවාරි යන කාලසීමාවන් තුළය.
නොවැම්බර් 14 වනදා ඩොලර් 75,757ක වවුචර් තුනක් සහ නොවැම්බර් 28 වනදා ඩොලර් 7,660ක් ද, 2026 ජනවාරි 5 වනදා ඉන්වොයිස් පහක් යටතේ ඩොලර් 4,210ක් සහ 97,799ක් ලෙස මෙම මුදල් ගෙවා ඇත.
ශ්‍රී ලංකා රජය විසින් ගෙවන ලද මෙම මුදල් ඕස්ට්‍රේලියානු නය හිමියා වෙත ලැබී නොමැති බව තහවුරු වී තිබේ.
සයිබර් අපරාධයක් ලෙස හඳුනා ගැනීම මෙම සිදුවීම සයිබර් අපරාධකරුවන් විසින් සිදුකරන ලද්දක් බවට මූල්‍ය හා නීති උපදේශකයන් විසින් හඳුනාගෙන ඇති අතර, මෙය තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හෝ පැරිස් ක්ලබ් සාමාජිකයන් නොසලකන බව රජය අවධාරණය කරයි.
ණය ගෙවීමේ නොහැකියාවක් හෝ අකමැත්තක් රජයට නොමැති බවත්, මෙය හුදෙක් බාහිර මැදිහත්වීමක් මත සිදුවූ වංචාවක් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.
විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග 2026 මාර්තු 23 වන දින මෙම සිදුවීම මුලින්ම අනාවරණය කරගෙන ඇති අතර, මාර්තු 24 වන දින ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.
දැනටමත් මේ සම්බන්ධයෙන් වූ බී (B) වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර (අංක c51/26), මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද මේ පිළිබඳව දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත.
මාර්තු 23 වනදා මෙම වංචාව අනාවරණය වූයේ නම්, අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව සභාව දැනුවත් නොකළේ මන්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සිද්ධියේ පවතින තාක්ෂණික සංකීර්ණතාවය සහ අපරාධයේ ස්වභාවය පිළිබඳව නිවැරදි හා ප්‍රමාණාත්මක තොරතුරු ලැබෙන තෙක් වාර්තා කිරීම ප්‍රමාද වූ බවයි.
එසේම, මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව කියන රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභාවය පිළිබඳව විපක්ෂය මතුකළ සැකය ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.
එය ස්වයං හානි කර ගැනීමක් බවට වාර්තා වී ඇති බවත්, වගකීම් විරහිත ප්‍රකාශ මගින් සමාජය නොමග නොයවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී සභාවට ඉදිරිපත් කරන බවට ද රජය සහතික විය

Punchata ariye nehe Puncha bappata Matai ariya.
ReplyDeleteMama janathavata arinava.
Sapada
අනේ කාලේ වනේ වාසේ කිව්වලු....
ReplyDeleteමොනවා?. තොපි මැරුවා නෑ?.
ReplyDeletekota mugeth balanahare kapaida bala imu
ReplyDeleteNo you killed that innocent officer
ReplyDelete