කතානායක නිල නිවස භාවිතා කරනවා.. රජයෙන් නඩත්තු කරනවා..


 කථානායක ජගත් වික්‍රමරත්න මහතා කථානායක නිල නිවස නිල කටයුතු සඳහා භාවිතා කරන බවත්, එම පරිශ්‍රය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නඩත්තු කටයුතු රජය විසින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවේදී මතු වූ උණුසුම් විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා නිල නිවාස දෙකක් පරිහරණය කරන බවටත්, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටද ලොරිස් පාරේ නිල නිවසක් ලබා දී ඇති බවටත් චෝදනා කළේය. කථානායකවරයා නිල නිවසේ පදිංචි වී නොමැති නම් එහි නඩත්තුව සඳහා සේවකයන් හත් අට දෙනෙකු පත් කළේ ඇයිදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

මීට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, කථානායකවරයා එහි පදිංචිව නොසිටියද රජයේ නිල උත්සව, රැස්වීම් සහ විදේශීය නියෝජිතයන් හමුවන අවස්ථාවලදී එම නිල නිවස භාවිතා කරන බවයි. 

 රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහ වැනි කටයුතු සඳහා මෙවැනි නිල නිවාස යොදා ගන්නා බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, එම පරිශ්‍රයේ ඇති විශාල භූමිය සහ ගොඩනැගිල්ල අයාලේ යාමට ඉඩ නොදී, එය ඊළඟ ප්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදා ගන්නා තෙක් නඩත්තු කිරීම රජයේ වගකීමක් බවත්, ඒ සඳහා අවම සේවක පිරිසක් යොදවා ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ පවතින අමාත්‍ය නිල නිවාස 47 සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. 

ඒ අනුව අමාත්‍ය නිල නිවාස පරිහරණයෙන් ඉවත් වී ඇති අතර, ඉන් නිවාස කිහිපයක් දැනටමත් මහාධිකරණ කටයුතු සඳහා ලබා දී ඇති බව ඔහු පැවසීය. 

සෙසු නිවාස රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙන කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත්, කථානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට අමාත්‍ය නිල නිවාස ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය

5 Comments

  1. Dayasirith pacha kiyanawada?

    ReplyDelete
  2. සම රිසි දෙන්නම ඊයා තුක්

    ReplyDelete
  3. තොපි වගේ අවස්ථාවාදී රැළක් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ.

    ReplyDelete
  4. යකෝ තොපි භෝජන සංග්‍rahalu දෙනවද? Sadukin පෙළෙන උනුත්දැ න් ඉතින් nagitiyaw.

    ReplyDelete
  5. යකෝ තොපි භෝජන සංග්‍rahalu දෙනවද? Sadukin පෙළෙන උනුත්දැ න් ඉතින් nagitiyaw.

    ReplyDelete
Previous Post Next Post