ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලයි...


 හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කල පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු (23) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය.

සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත්, සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණද පොලිස් භාරයට ගැනුන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බවත්, සැකකරු මුහුණු පොත ඔස්සේ හදුනා ගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගත් බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

මියගිය අඹුසැමි යුවලගේ සිරුරු එම වෙළදසැලේ තැම්පත් කර ඇත් අතර, අවසන් කටයුතු (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතය.

- රංජිත් රාජපක්ෂ    

Previous Post Next Post