දැරියක අපයෝජනයක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන්ගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි...


 අනුරාධපුර පුදබිමේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පිරිසක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ විමර්ශනවලට අදාළව හිමියන්ගෙන් කරුණු විමසීම සිදු කළ බවත් අපරාධය සිදුවූ බව කියන ස්ථානයන්හි දැනටමත් විද්‍යාත්මක සහ ස්ථානීය පරීක්ෂණ පවත්වා අවසන් බවත්, වැඩිදුර සාක්ෂි රැස්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.

ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව, නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමඟ රැඳී සිටියදී මෙම දැරිය ප්‍රථමයෙන් පොලිස් භාරයට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඉහළම අවධානය යොමුව ඇති අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් වහාම තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වූ තොරතුරු අනුව, මෙම 15 හැවිරිදි දැරිය වරින් වර අවස්ථා කිහිපයකදී අදාළ විහාරාධිපති හිමියන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ බරපතළ ලිංගික අපරාධයකට ලක්ව ඇත.

මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ වාරවලදී කරුණු වාර්තා කිරීමට නියමිතය.

දැරියගේ ආරක්ෂාව සහ මනෝවිද්‍යාත්මක උපදේශනය කෙරෙහි දැනටමත් අදාළ අංශ අවධානය යොමු කර ඇත.

අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගනිමින් වාර්තා වූ මෙම පුවත මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් සහ සංවේගයක් ඇති කර තිබේ.

10 Comments

  1. DO ඕන නම් ඒකෙන් ඇතුලට දානවා.. PTA ඕන නම් ඒකෙන් ඇතුලට දානවා

    නමුත් මේකෙදි ඔය එකක්වත් අමතක වෙනවා

    ReplyDelete
  2. බෝන් අගේන් ....ශ්‍රී ලන්කාවම බෝන් අගේන් ....වෙසක් එකත් වෙනස් කලා.....අවුරුද්දත් වෙනස් කලා.....හාමුදුරුවරුත් නෑත්තටම නෑති කරනවා.....ජෙරෝම්ගේ බෝන් අගේන් ක්‍රිස්තියානි කල්ලිය ලන්කාවම ඩෑහෑ ගන්නවා ඩොලර් වලින් ..










    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිMay 2, 2026 at 12:45 AM

    යකෝ මේ දැරිවි අපයෝජනය කලා කිව්වම ඒකත් පල්ලියට දානව ද? (එක අතකට ඒක තව හොඳයි, පකිස්තානෙ නම් කරන්නේ දැරිවිට ගල් ගහල මරණ එක). - මෙහෙමයි, බුද්ධාගමේ කියලා කල් තියා නිගමණය කරන්ඩ එපා මේ භික්ෂුව නිවැරදියි කියලා. ඒ වගේම නන්නත්තාරේ ගිය හෝටලේක ඉඳන් අල්ල ගත්ත කෙල්ලෙක් කිව්වම එයාව දූෂණය කලා කියලා, ඒකත් ඉවක් බවක් නැතුව පිළි ගන්ඩ එපා. නමුත් පරීක්ෂණ කරන්ඩ අවශ්‍යයි. භික්ෂුව නිවැරදි නම්, පරීක්ෂණ වලින් පස්සේ අපහාස වන්දියක් ඉල්ලන්ඩ පුළුවන්. දැරිවි කියන දේ ඇත්ත නම්, අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි තරාතිරම නොබලා. (ඒත් හැබැයි පංසල් වල ස්ට්‍රේට් උන්නාන්සේලා ඉන්න එක ගැන නම් සතුටුයි, මේ ඇහුවමයි. පල්ලි කියලත් වෙනසක් නෑ, සේරම ගල් ගුහා. කතෝලික පාසැල් වල ළමයි තමයි දන්නේ ඩීටේල්ස් හොඳටම)

    ReplyDelete
    Replies
    1. ඔබත් කතෝලික පාසලකට ගිය ළමයෙක් බව හොඳාකාරවම පේනවා.

      Delete
    2. සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ආගම ඉගෙන ගත්ත පාසැල මොකක්ද ? ඇමරිකාවේ ලොස් අන්ගැලිස් වලට ශ්‍රී මහා බෝදියේ අංකුරයක් සාම පාගමනට දීපු එකේ පළිය ගන්නේ

      Delete
  4. සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ආගම ඉගෙන ගත්ත පාසැල මොකක්ද ? ඇමරිකාවේ ලොස් අන්ගැලිස් වලට ශ්‍රී මහා බෝදියේ අංකුරයක් සාම පාගමනට දීපු එකේ පළිය ගන්නේ

    ReplyDelete
  5. වෙන සමාන්‍ය මිනිහෙක්නම් ප්‍රශ්න කර කර ඉන්නෙ නෑ දෙකක් නෙලල කුදලගෙන එනව. අනුරයා කයිවාරු ගැහුවට මේ දුශ්ශීල ගනයන්ට මාර බයක් තියෙන්නෙ. අරෙස්ට් කරන්න එපා කියල කෙලින්ම පොලිසියට නියෝග කරල.

    ReplyDelete
  6. ලංකාවේ බුද්දාගම නැත්තට නැති කරන හුන්ඩුවාගේ කුමන්ත්‍රණ. ගෑනු දම්මල කරන්න පුලුව මෙව්ව තමයි. ඒකත් සාක්ශි වයිද්ද විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි විදියට කාලෙකට පස්සෙ.

    ReplyDelete
  7. වියට්නාමයේ පංඤාකාර අමස්ධානාධිපති කරනු.

    ReplyDelete
  8. niragamika set eke thawath plan ekak wagei penne..saama pa gamanak genath kader eka daala ballekta wandala agama minissunta kala kirena thanata path kala.dan a sare thawaaluth ekak..agamath ekka patta ariyas ekak thiyenne muntanam

    ReplyDelete
Previous Post Next Post