තොරතුරු පනතින් ඉල්ලුවත් කතානායකගේ තොරතුරු නොදේ..


 කතානායක වරයාගේ තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයට ලිපියක් බාර දී ඇත.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ  මෙම ඉල්ලීම කරන බව එකී ලිපියේ දැක්වෙයි.

එහිදි අදහස් දැක්වු නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා විසින් ප්‍රකාශ කර සිටියේ,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරන ලද දූෂණ අක්‍රමිකතා රැසක් පිළිබඳව 2025 වසරේ ජුලි මාසයේ සිටම විවිධ රාජ්‍ය ආයතන සඳහා පැමිණිලි කිහිපයක් අප විසින් බාර දෙන ලදී. තවද 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ද ගරු කතානායකතුමා සම්බන්ධව විවිධ අංශ යටතේ තොරතුරු ඉල්ලා ලිපි ද බාර දෙන ලදී.

2025 ජුලි මස 04 වන දින අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කතානායකතුමා විසින් නිවාස දෙකක් භාවිතා කිරීම හා වාහන තුනක් භාවිතා කිරීම සම්බන්ධව ලිපියක් බාර දී ඇත. තවද 2025 ජුලි මස 09 වන දින කතානායකතුමන්ගේ කාර්ය මණ්ඩල විස්තර ඉල්ලමින් ලිපියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිළධාරි වෙත බාර දෙන ලදී. එම ලිපිය සඳහා පිළිතුරක් නොලැබුන නිසා නැවත 2026 ජනවාරි 28 දින එම පිටපතම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිළධාරි වෙත බාර දෙන ලදී. 2025 අගෝස්තු 11 වන දින කතානායකතුමන්ගේ නිල නිවස අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ නීතිමය භාවය විමසා ලිපියක් අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට බාර දෙන ලදී. නමුත් මේ වනතෙක් එම ලිපි සඳහා කිසිදු පිළිතුරක් මේ වනතෙක් ලැබී නොමැත.

ඒ වගේම පාර්ලිමේන්තු වැඩතහනමට ලක් කල නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ද කතානායකතුමා විසින් සිදු කරන දූෂණ අක්‍රමිකතා පිලිබදව පැමිණිලි බාර දී තිබුන ද ඒවා සදහාද කිසිදු පිළිතුරක් ලබා දී නැති බව ප්‍රකාශ කරන ලදී. මේ තුලින් පෙනී යන්නේ කතානායකතුමා පිළිබඳව මේ සියලු තොරතුරු ලබා නොදී කතානායකතුමා තම තනතුරේ බලතල භාවිතා කරමින් නිතීය නවමින් කටයුතු කරන බවය. ජනාධිපතිතුමා නීතිය සැමට එක හා සමානයි කියා පැවසුවත් පැහැදිලිවම නිතීය අද දොයාකාරව පිහිටා ක්‍රියාත්මක වන බව පැහැදිලිය. ඒ නිසා අද දින අපි නැවත වතාවක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කතානායකතුමන්ගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සම්බන්ධව කරුණු ඉල්ලා සිටියා.

මේ අවස්ථාවේ දීත් තොරතුරු ලබා දීම සිදු නොකලහොත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නව ජනතා පෙරමුණ අපි සුදානම් බව දිනේෂ් අබේකෝන් මහතා විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය

6 Comments

  1. මයිනත් අල්ලස් කොමිසමට හරියට තොරතුරු දුන්නාද ?

    ReplyDelete
    Replies
    1. මයිනාගේ තොරතුරු ෆයිල් , චෙක් වල අංක එක්ක දෙන්න හිටපු කෙබර කොටා නේද මේ.. හික් හික්..

      Delete
  2. ජනතාවට නැති කිසි වරප්‍රසාදයක් අපට එපා කියලා කවුරු හරි කට්ටියක් කිව්වා මතකයි.

    ReplyDelete
  3. හැමෝටම නීතිය nawanna.අමාරුයි. බුරුල් තැන හොයාගන්න පුළුවන් වෙන්න ඕනෙ.

    ReplyDelete
  4. Me gay couple eka Paiyen elanna one

    ReplyDelete
  5. කතානායකගෙ විස්තර දැනගන්ඩ ඔච්චර කරදර වෙන්නෙ මොකටද? උන්දගෙ රියදුරු මහත්තයගෙන් ඇහුවනම් දිග, පලල, මයිල්ගස් ගනන ඇතුලු සියලු විස්තර කියයි.

    ReplyDelete
Previous Post Next Post