ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කරමින්, එය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership - PPP) ආකෘතියක් යටතට පත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ගුවන් සේවා අමාත්‍ය අනුර කුමාරණතිලක මහතා ප්‍රකාශ කළේය.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් යොදවමින් ජාතික ගුවන් සේවය තවදුරටත් නඩත්තු කිරීම මුළුමනින්ම අස්ථාවර සහ අපහසු මට්ටමකට පත්ව ඇති බවයි.
ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට දැනටමත් විශාල මූල්‍ය දායකත්වයක් සැපයීමට සිදුව ඇති බව හෙළි කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 30 බැගින් 2030 වසර දක්වා රුපියල් බිලියන 90ක පමණ මුදලක් වෙන් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව සඳහන් කළේය. මීට අමතරව, සිය දෛනික මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් රජයෙන් රුපියල් බිලියන 10ක අමතර ප්රතිපාදනයක් ද ඉල්ලා ඇතැයි අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
"මේ ක්‍රමය සදාකාලිකවම කරගෙන යන්න බැහැ. ජීවිතේට ගුවන් යානයක් ඇසින් දැකලා නැති සාමාන්‍ය ජනතාව පවා තමන් ගෙවන බදු මුදල්වලින් මේ ගුවන් සේවය නඩත්තු කරන්න දායක වීම අසාධාරණයි," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මේ හේතුවෙන් රජය විසින් රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් (PPP) වෙත යාමට ස්ථිරවම තීරණය කර ඇති අතර, ඒ සඳහා වන ආයෝජන යෝජනා සකස් කරමින් ආයෝජකයින්ට ආරාධනා කිරීමට පියවර ගනිමින් සිටී. මෙම ආයෝජන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා නිල ආයතනයක් පත් කිරීමට නියමිත අතර, මේ වසර (2026) ඇතුළත අවශ්‍ය ආයෝජන සුරක්ෂිත කර ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
කෙසේ වෙතත්, රජය ගුවන් සේවය සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කිරීමට අදහස් නොකරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
හදිසි අවස්ථා සහ ජාතික අවශ්‍යතාවලදී ජාතික ගුවන් සේවයක රාජ්‍ය දායකත්වය පැවතීම අත්‍යවශ්‍ය සාධකයක් බව ඔහු පෙන්වා දුන්නේය.
"හදිසි අවස්ථාවකදී රට වෙනුවෙන් මැදිහත් වීම සඳහා ජාතික ගුවන් සේවය තුළ අවම වශයෙන් යම් මට්ටමක හෝ රජයේ සම්බන්ධතාවයක් තිබිය යුතුයි කියා අප විශ්වාස කරනවා," යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව, ගුවන් සේවය සතු පවතින රාජ්‍ය වත්කම් සුරකිමින්, ඒකාබද්ධ හවුල්කාරිත්ව ව්‍යුහයක් (Joint Partnership Structure) යටතේ පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

සංගීත් පකයගෙ යාළුවො සහ ජයසාන්ත පයියට කියල බලපල්ල PPP ගහන්න
ReplyDeleteඅයිස් පාරක් ගහල වගෙ ඉන්නෙ හීතලට
Deleteජෙප්පන්ගෙ පැලවට්ට ගිණුමෙන් දෙන්න කියමු. කාලකණ්නි ජෙප්පො රටේ සම්පත් විකුණන්න යනව
Deleteමත්තල කියල ලබු කැටයක් හදපු අර ගොන් අප්පච්චි ගොයිය ඒකෙන් කටුනායක එයා පෝට් එක ලොකු කලා නං මෙලහට ශ්‍රී ලන්කන් එක ලොවෙත් ගොඩ. ඌ කලේ උගේ නම දාගන්න පුළුවන් ඒව නෙ, වැඩක් ඇතත් නැතත්.
ReplyDeleteමොනා උනත් මේක PPP පාරක් දාන එක හොඳයි, එමිරේට්ස් හරි සිංගපෝ එක්ක සෙට් වෙලා, දැන් ඉන්න උන් බුල් නොගහ වැඩ ටික කලා නං තව අවුරුදු 2-3ක් යනකොට ගේමක් ගහ ගන්න පුළුවන්.
එමිරේට්ස් හරි සිංගපෝ එක්ක සෙට් වෙලා
Deleteඅයිස් පාරක් ගහල වගෙ ඉන්නෙ හීතලට
මොකෙක්වත් එන්නෙ නෑ ණය සම්පූර්ණයෙන්ම ගෙවල clear කලේ නැත්නම්. සිරිලංකන් මුලු ණය ඩොලර් බිලියන් 8යි. රුපියලට වික්කත් ඔලුවක් තියෙන එකෙක් ඕක ගන්නෙ නෑ
Deleteඅනේ පගෝ නිවුස් එකක් ලියලා කමෙන්ට් ටිකත්ලියන්න තොපි ඔච්චර බංකොලොත්ද
Deleteහුන්ඩු කුමාරගේ බාප්පට ජාතක පුතා රාජපක්ෂලා ගාව වැඳ වැටිලා මිහින් ලංකා එකට දාගත්තා ප්ලේන් එකේ තේ අල්ලන ජොබ් එකට.මිහින් ලංකා වහලා කට්ටියට රස්සාව නැතිවෙනකොට රනිල් ගේ සපත්තු ලෙව කාලා කොල්ලව දාගත්තා එයාලංකා එකට. ඒත් ප්ලේන්වල තේ අල්ලන්න.තාම ඉන්නවද දන්නේ නෑ..
ReplyDeleteපුxරුදය වෙනුවෙන් අපි අතින් කාලා හරක් බලමු, හොඳේ.
ReplyDeleteGovernment can aquire any srilankan registered aircraft or ship under state of emergency. Therefore, 100% privatisation is not a problem as long as there is a clause that the aircrafts to be registered in Sri Lanka
ReplyDelete