ජයකොඩි විත්ති කූඩුවට නංවයි...


 හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන ජූනි මස 17 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (06) තීරණය කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර නඩු විභාගය ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කෙරිණි

ජූනි 17 වැනිදා නඩු විභාගය ආරම්භ වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන හා ආනයන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී, හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය කාපට් කිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට අයුතු වාසි සහගත ලෙස ලබාදුන් බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම ක්‍රියාව හරහා රජයට රුපියල් 8,859,708ක මූල්‍ය පාඩුවක් සිදු කරමින් "දූෂණය" නැමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබේ.

6 Comments

  1. නිදොස් කොට නිදහස්.

    ReplyDelete
  2. Me pakaya AKD ekka set welada koheda issara idala horakam karala tiyenne. AKD wa hire yawapan hutto mulinma

    ReplyDelete
  3. කමක් නැහැ. අලස කොමිසම ගොඩදාන්න වැඩ හදල තිියෙන්නෙ. තිරනාටකෙ යාලු අපි ඔක්කො එකතුවෙලා හැදුවෙ, වහල්ලු රවට්ටන්න.

    ReplyDelete
  4. AKD.......AKD......AKD ...Rajapaksha time you stole our money from behind...... Now steeling our money from front

    ReplyDelete

  5. Akd...AKD....AKD......රාජපක්ෂ කාලේ ඔයා අපේ සල්ලි පිටිපස්සෙන් හොරකම් කළා...... දැන් අපේ සල්ලි ඉස්සරහින් හොරකම් කරනවා.

    ReplyDelete
  6. Lapayata hariyana niyama hora set eka...

    ReplyDelete
Previous Post Next Post