පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
***********
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව 2026 මැයි 01 වන දින සිට රක්ෂණ ආයතන මඟින් මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) නිකුත් කිරීමට තීරණය කර ඇත. මෙයට අනුව පොලිස්පතිතුමා විසින් සියළු පොලිස්ථාන දැනුවත් කරමින් අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී දැනුවත් කර ඇති අතර මහජනතාවද මෙමගින් දැනුවත් භාවයක් ලබා දීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබේ.
මෝටර් රක්ෂණාවරණ පහත ආකාර වලින් ලබා දීමට තීරණය කර ඇත.
- ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card)
- මුද්‍රිත සහතිකයක් (රක්ෂණ හිමියාගේ ඉල්ලීම මත පමණක්)
- රක්ෂණ සමාගම මඟින් රක්ෂණ හිමියාට ජංගම දුරකථන යෙදුමක් මඟින් (Phone App) ලබාදෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත.
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය (National Insurance Verification System) හඳුන්වා දී ඇති අතර, එයට පහතසඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක. මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගු භාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව දන්වා ඇත.
i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
- ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.
- වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම.
- අදාල රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය (Active Status) ක්ෂණිකව ලබාගතහැකි බව සඳහන් කර ඇත.
ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව.
- ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කල හැක.
- එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව (Active) පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.
iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.
- ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාල රක්ෂණ ආයතනය තෝරා ගන්න.
- එවිට අදාල රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.
- අදාල රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න.
- ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.
*1338# මඟින් සහ SMS (කෙටි පණිවිඩ) මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ. වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ (Space) නොතැබීමේ වේ. යම් මෝටර් වාහනයක අංකය "ශ්‍රී" වශයෙන් පවතින විට එම අක්ෂරය "SRI" ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කල යුතු වේ.
2: 311-1234, CC-1234, CCC-1234, 1-SRI-1234
ඉහත ක්‍රම මඟින් මෝටර් වාහනයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය. 1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත.
රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි. ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත.
2026 මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත් වල එහි වලංගු කාලය අවසන් වනතුරු එලෙසම වලංගුව පවතී.
යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතියි.
2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක.
Why not a digital revenue lisence to be down loaded to phone? Can't the police have an app to check the validity of the revenue liscence and insurance details along with the owners details and engine number, chassis number etc.
ReplyDeleteGive police zoomable vedio cameras to record traffic offences. The income from traffic fines will go up in many folds.
ReplyDeleteයකෝ මෝඩයෝ phone ඒකෙ බැටරි බැස්සම පෙන්වන් නේ සර ම උස්සලා ද? මීට වඩා හොඳ නැද්ද Electronic card එකක් දෙන්න කියන එක
ReplyDeleteඅමෙරිකාවේ නම් පොලිසියේ tab එකට වාහන යේ නොම්මරය දැම්මාම ඔක්කොම data එනවා මුන් මේ කරන්නේ insurance කොම්පැණි යට වියදම් අඩු කරලා දෙන එක මෙක කොන්ත්‍රාත්තුව ක්
හරියට හරි. හැම පයියම ඩිගිතල කොරන්න යන්න පකයන්ට කෙලවෙන්නෙ බැටරි බැස්සම සහ උන්ගෙ ගොන් ශිශ්ටන් කැරෑශ් වුනාම.
Delete