දිනකට සේවක මහතුන් වෙනුවෙන් ආහාර පැකට්ටු 7,500ක් පමණ පිළියෙල කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන මුළුතැන්ගෙය වෙත වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (2026.05.18) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරමින්, සේවක මහතුන් වෙත ලබාදෙන ආහාරයේ ප්‍රමිතිය, ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතභාවය සහ ආහාර සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීය.
පසුගිය කාලසීමාව තුළ සේවක මහතුන් වෙතින් ආහාරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, වරාය අධිකාරිය විසින් විශාල මුදලක් වැය කරමින් සේවක මහතුන් වෙනුවෙන් ආහාර සැපයීම සිදු කරන බැවින්, එම ආහාර ප්‍රමිතියෙන් යුතු, ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත මට්ටමක පවත්වාගෙන යා යුතු බව අවධාරණය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී මුළුතැන්ගෙය නවීකරණය සඳහා කටයුතු කිරීමට, මුළුතැන්ගෙයට අවශ්‍ය නවීන උපකරණ ලබා ගැනීමට, මුළුතැන්ගෙය නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක් කිරීමට, අමාත්‍යවරයා විසින් වරාය අධිකාරී කළමනාකාරීත්වයට උපදෙස් ලබා දෙන ලදී.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ඇතුළු කළමනාකාරීත්ව සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
- රංජිත් රාජපක්ෂ

යන්නේ කොහෙද මල්ලේපොල් නිව්ස්
ReplyDelete