කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කුෂ් සහ හෑෂ් වැනි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් විසි දෙදෙනා සසුනෙන් නෙරපා හැරීමට (සිවුරු හරණය කිරීමට) අදාළ කටයුතු සම්පාදනය වෙමින් පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ඉදිරියේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නිල වශයෙන් දැනුවත් කිරීමට නියමිතව ඇත.
28 වැනිදා ජනාධිපති කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර පැවති හමුවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.
එහිදී අදාළ භික්ෂූන් පිරිසගේ සිවුරු හරණය කිරීමට මහා සංඝරත්නය අනුමැතිය ලබා දී ඇත.
කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාවලිය අවසානයේ ඔවුන් නිවැරදිකරුවන් වුවහොත් පමණක් නැවත පැවිදි දිවියට ඇතුළත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව එහිදී ප්‍රකාශ විය.
වර්තමාන සමාජ ප්රවණතා හමුවේ ශාසනයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේට පමණක් තනිව කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍ය බවත් මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් නිකුත් කර ඇති නිවේදනය සමස්ත සංඝ සමාජයේම පොදු මතය ලෙස සලකා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදී.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට ජාතික ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මනාව පැහැදිලි වන බවයි.
සුපිරි
ReplyDeleteඉතාම වටිනා කාලෝචිත වැඩක්
ReplyDeleteමෙයට වැඩිය රැවටෙන්න එපා. භික්ෂූන් වහන්සේලා ට මෙවාට බාධාවක් ව තිබූ නීතිය ඉවත් කිරීමට රජය පියවර ගත්තෙ මේ තත්ත්වය ඇති කරන්න තමයි.
ReplyDeleteකතාව ඇත්ත!
Deleteමේ කුඩ්ඩන්ගෙ සිවුරු ගලවන්ඩ මොන එහෙකටද කොටාත් එක්ක සාකච්ඡා කරන්නෙ?
ReplyDeleteඑහෙනං කුඩු හිරු එක්ක, නැත්නං මයින එක්ක කතා කරල බලමුද
Delete