බැංකු පොලී ඉහල දමති.. කොළඹ කොටස් අවදානමේ..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පදනම් ඒකක 100කින් (සියයකින්) එකවරම ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු රැසක්ම සිය පොලී අනුපාතයන් ඉහළ දමා තිබේ.

මේ අනුව වාණිජ බැංකුවල ස්ථාවර හා ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතයන් මෙන්ම, පාරිභෝගිකයන් වෙත ලබාදෙන ණය සඳහා අයකරන පොලී අනුපාතයන් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ ගොස් ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ මෙම දැඩි මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන පොලී අනුපාතයන් ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි.

මෙම තත්ත්වය මෙරට කොටස් වෙළෙඳපොළ (CSE) කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. 

බැංකු තැන්පතු සහ රජයේ සුරකුම්පත් (බිල්පත් හා බැඳුම්කර) සඳහා ඉහළ පොලියක් ලැබෙන විට, ආයෝජකයන් අවදානම වැඩි කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වී, අවදානම අඩු ස්ථාවර තැන්පතු වෙත සිය ප්‍රාග්ධනය යොමු කිරීමට පෙළඹීම මීට ප්‍රධානතම හේතුවයි.

8 Comments

  1. මාලිමා වැඩ බැරි පකයන් ආර්ථිකයට කෙළවා ඇත. වහාම රනිල්
    මැතිදු සේමසිංහ සහ කංචන ආදී රට ගොඩගත් විරුවන් නැවත බලයට නොගෙනාවොත් 2022 ටත් වඩා අතිදරුණු අගාධයකට රට වැටෙනු ඇත.

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිMay 27, 2026 at 5:20 PM

    බැංකු පොළී ඉහත දැමීම ආර්ථිකයට බලපාන ආකාරය මූලික විධි දෙකකට සාකච්ඡා කල හැකියි.

    (1) ආයෝජන වලට සිදුවන බලපෑම: ආයෝජන අඩු වෙනවා, ආයෝජන සඳහා අවශ්‍ය ණය වලට වැඩි බැංකු පොළියක් ගෙවීමට සිදුවීම මත. මේ නිසා රටේ සංසරණයට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එවිට උද්ධමණය අඩු වෙනවා. එනම්, බඩු මිළ ඉහළ යාමේ වේගය අඩු වෙනවා. කෙසේ නමුත් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනයක් බලා පොරොත්තු වෙන්ඩ බෑ මේ කාල වලදී.

    (2) පොදු ජනතාවට සිදුවන බලපෑම: උද්ධමණය අඩු වීම නිසා බඩු මිළ ඉහළ යාමේ වේගය අඩු වීමෙන්, ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වියදම් කල යුතු මුදල ස්ථාවරව හෝ ඉතා කුඩා වැඩිවීමක් පමණක් සහිතව පැවතීම නිසා සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකියි. කෙසේ නමුත්, ආයෝජන අඩුවීමේ එක් ප්‍රථිවිපාකයක් ලෙස මහජනතාවට වැටුප් වර්ධක ලැබීම නතර වෙනවා, බෝනස් ලැබෙන්නෙත් නැති වෙනවා. මේ නිසා ජනතාවටත් හැමදාම සිදු කරණ ලබන අත්‍යවශ්‍ය වියදම් හැර අමතර වියදම් කිරීමට නොහැකි වෙනවා. එනම් ජනතාව විසින් ද සමස්ථ සංසරණයට යොදවන මුදල් ප්‍රමාණය සීමා වෙනවා. එවිට ඒ තුළිනුත් උද්ධමණය පාලනය වෙනවා.

    ලෝක ආර්ථික වල මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්වය අනුව මේ විදියේ දූරදර්ෂීව ක්‍රියා කිරීම ඉතාම අවශ්‍යයි.

    ඉස්සර ආණ්ඩු නම් හොරකම් කරන්ඩ ඕනෑ කමට ආයෝජන වැඩි කර ගන්ඩ, ඒ හරහා කොමිස් කුට්ටි වැඩි කර ගන්ඩ හැම විටම පොළී අනුපාත අඩු කලා. ඒකේ කූඨප්‍රාප්තිය වුණේ ගෝඨාභය රාජපක්ෂ යුගය. මතකනේ කෑවා?

    ඒ නිසා මේ වගේ වැදගත් ප්‍රවෘත්ති වලට මහජනතාව කුපිත වෙන විදියේ ගොන් මාතෘකා දැමීම හුදෙක් දේශපාලන අවස්ථාවාදය විනා ස්වාධීන මාධ්‍යකරණය නෙවේ.

    ReplyDelete
    Replies
    1. හොර පතිරණයා හරි නමකින් වරෙන්, හොර නම් වලින් එන්ඩ එපා, අනුන්ගෙන් කොපි කරපු නම් වලින් එන්ඩ එපා, නමක් හිතා ගන්ඩ බැයි නම් මෙන්න උඹට ගැලපෙන නම් කීපයක්: පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල, අඟුරු කුමාර, තනිසික්නල්කණුවේ අංර, වසංගත සමරසිංහ, හිල්මන් විජ්ජාරතන, බික්කුච්චං අයිය, ඕනෑම නමක් උඹට සුදුසුයි, ගැලපෙන එකක් තෝරගනින්.

      Delete
  3. Galakapaththi ඒකාලෙ news දානකොට ඒවා අවස්ථාවාදී නෙවෙයි. අනේ ඔහේ හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 27, 2026 at 6:02 PM

      ඔව් ඔව් ඇයි තොපි හිතන් ඉන්නේ තොපි හරක් නෙවේ කියලද? තොපි හරක් තමා, අමු මී හරක්.

      ඒ කාලේ අවස්ථාවාදී නම් මේ කාලෙත් අවස්ථාවාදී වෙන්ඩ ඕනැද? ඒ කාලේ කොමිස් ගැහුව නිසා මේ කාලෙත් කොමිස් ගහන්ඩත් ඕනැද? ඒ කාලේ වගේම ඕනෑ නම් ඒ කාලේ හොරු ටිකටම දුන්න නම් හරි නේ මේ කාලෙත්. හොම්බෙන් යන්ඩ ම ඕන්නම් ආපහු ගෝඨාභය රාජපක්ස අරන් එමු, ජනාධිපති කරමු.

      Delete
    2. හොර පතිරණයා හරි නමකින් වරෙන්, හොර නම් වලින් එන්ඩ එපා, අනුන්ගෙන් කොපි කරපු නම් වලින් එන්ඩ එපා, නමක් හිතා ගන්ඩ බැයි නම් මෙන්න උඹට ගැලපෙන නම් කීපයක්: පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල, අඟුරු කුමාර, තනිසික්නල්කණුවේ අංර, වසංගත සමරසිංහ, හිල්මන් විජ්ජාරතන, බික්කුච්චං අයිය, ඕනෑම නමක් උඹට සුදුසුයි, ගැලපෙන එකක් තෝරගනින්.

      Delete
    3. පටිරෙන ,
      ඒ කාලේ පච කෙලියා කියලා මේ කාලෙත් පච කෙලින්න ඕනෙද?
      ඒත් වැඩිපුරත් එක්ක කෙලිනවා නේද..
      ඒ කාලේ රාජපක්සලා කොරපුවා මී කාලෙත් කොරන්ට ඕනෙද? හිකිස්..
      ගෝටාභය නෙමෙයි රනිල් ගෙන්න කිව්වේ..
      හිකිස් ..පොඩ්ඩක් බයයි නේද ඒක කියන්න..
      භාණ්ඩාගාරෙටත් කෙලින වැඩබැරි හැත්ත ..
      තව ගොන් ආතල් දියං හෙන බුද්ධිමත් කියලා හිතාගෙන ගොන් කොමෙන්ට් දාලා..
      ගම්වල ඉඳන් පාර්ලිමේන්තුව බෝක්කු උඩ , ගොසිප් සයිට් වල කැම්පස් ඉන්න හැම ජෙප්පම එකයි ගොන් කතා පඩි ටෝක් දිදී තව ආතල් දියං

      Delete
  4. Galakapaththi ඒකාලෙ news දානකොට ඒවා අවස්ථාවාදී නෙවෙයි. අනේ ඔහේ හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද?

    ReplyDelete
Previous Post Next Post