ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 2026 මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර තිබේ.
නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 410ක් ලෙස සටහන් වේ.
මීට පෙර එහි මිල පැවතියේ රුපියල් 398ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව රුපියල් 455ක්ව පැවති එහි නව මිල රුපියල් 470කි.
ඩීසල් මිල ගණන් ද මෙම සංශෝධනයත් සමඟ ඉහළ ගොස් ඇත. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 392කි. මීට පෙර සුදු ඩීසල් ලීටරයක් රුපියල් 382කට අලෙවි විය.
රුපියල් 443ක්ව පැවති ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458ක් ලෙස දැක්වේ.
මීට අමතරව භූමිතෙල් මිල ද ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 255ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 265ක් වේ.


මාලිමා ෆකර්ල ටික හුකෑස් වෙන්නම දෙනව
ReplyDeleteDon't be politially biased. Just understand what is happening in Gulf region.
DeleteWhat’s happening in the gulf has nothing to do with price hikes by the corrupt JVP government.
DeleteVery true!
Delete