කාබනික පොහොර වැඩි වැඩියෙන් යොදන්න.. ඒකයි නිර්දේශය..- කෘෂිකර්මය අධ්‍යක්‍ෂ ජනරාල්


රසායනික පොහොර භාවිත කරන අතරතුර කාබනික පොහොර ද වැඩි වැඩියෙන් භාවිත කිරීම මගින් පසේ තත්ත්වය දියුණු කර රසායනික පොහොරවලින් ලැබෙන ප්‍රතිඵල උපරිම කරගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා පවසයි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ රසායනික පොහොර සමඟ කාබනික පොහොර යෙදීම බවත්, කාබනික ද්‍රව්‍ය පසෙහි තිබීමෙන් ශාකවලට රසායනික පොහොර වඩාත් කාර්යක්ෂමව උරා ගැනීමට හැකි වන බවත් ඔහු අවධාරණය කළේය.

පොහොර සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙය හුදෙක් කාබනික පොහොරවලට පමණක් යොමු වන තත්ත්වයක් ලෙස අර්ථකථනය නොකළ යුතු බවයි. 

ගොවීන්ට තමන් අවට ඇති කොළ පොහොර, කුකුළු පොහොර, ගොම පොහොර සහ දිරාපත් වූ කොම්පෝස්ට් වැනි කාබනික ද්‍රව්‍ය වැඩි වැඩියෙන් යෙදීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියි. 

එවිට රසායනික පොහොරවල නියම ප්‍රතිඵලය ශාකයට ලබා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය සමයේ යූරියා පොහොර සම්බන්ධයෙන් පැවති ගැටලුව පිළිබඳව පැහැදිලි කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, රට තුළ පොහොර නොමැති වීමක් සිදු නොවූ බවත්, ක්‍රමවත් බෙදාහැරීමක් සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් එය සිදු කිරීම නිසා ගම් මට්ටමින් පෞද්ගලික වෙළෙඳුන් සතුව පොහොර හිඟයක් දිස් වූ බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මෙම සතියේ සිට පෞද්ගලික අංශයට ද යූරියා පොහොර බෙදා හැරීමට රජය තීරණය කර ඇති බැවින්, ගම් මට්ටමේ වෙළඳසැල්වලින් ද පොහොර මිලදී ගැනීමට ගොවීන්ට අවස්ථාව හිමි වන අතර, ඒ අනුව පවතින ගැටලුව මේ සතිය තුළ විසඳෙනු ඇත.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවීන් සඳහා රුපියල් 10,200ක සහන මිලට යූරියා පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. වත්මන් යල් කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බවත්, ඉදිරි මහ කන්නය සඳහා ද අවශ්‍ය පොහොර ගෙන්වීමට රජය මේ වන විටත් වැඩපිළිවෙළ සකස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සහතික කළේය.

11 Comments

  1. කටෙන්ද ඔය කතා කරන්නෙ, ඇත්තටම?

    ReplyDelete
    Replies
    1. ජෙප්පො මෙමරි අප්ඩේට් කරගෙන වගේ ඉන්නේ. උන්ට 2025ට කලින් වෙච්ච මුකුත් මතක නෑ සීන් එකේ ඉන්නෙ. උන් ඇවිත් මහ බැංකුව පිරෙව්වාය, ආර්ථිකේ හැදුවාය කියල කියද්දිත් හුරේ දාන ගොන්නු ඉන්න රටේ මේව මොනවද බං.

      Delete
  2. දිට්ඨධම්මවේදනීය කර්ම කියලා දෙයක් තියෙනවා කියලා අහලා තිබුනට දැකලා තිබුනේ නැති අය දැන් බලා ගන්න

    ReplyDelete
    Replies
    1. හරි නම් මේ වෙනකොට නාමල් කරුණාරත්න වෙලට බැහැලා ගොයම් කකා මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕන, කාබනික පෝර දැමීමෙන් වගාවට වෙලා තියෙන හානිය පෙන්නන්න.

      Delete
    2. ඒක සහතික ඇත්ත. සාම්පූර් බලාගාරය එදා මුන් වැලැක්කුවා. සූර්ය පද්ධති වලට ගෙවන ගාන අඩු කරා ඩීසල් බලාගාර වලින් කොමිස් ගහන්න. දැන් 35%කින් විදුලිය වැඩි කරන්න වෙලා. ගල් අඟුරු වංචාව මාට්‍ටු. ගෝඨාභය මහත්තයා රුසියන් යුද්ධෙ නිසා පෝර නැති වෙච්ච වෙලාවේ කොම්පෝස්ට් පෝර හදන්න පුදුම මහන්සියක් ගත්තා. මුන් ඒකෙ මැදට පැනලා උද්ඝෝශන කරලා විනාශ කරා. දේවානි ජයතිලක පඬු කරඳ ගහක් බදාගෙන හයිවේ එක හදන එක නැවැත්තුවා, ඒක හැදෙන්න දුන්න නම් මුන්ට ඒක මේ වෙද්දි විවෘත කරන්න වෙන්නේ. ඒකත් නැති වුනා.

      Delete
    3. දිට්ඨධම්මවේදනීය කර්මය කියන වචනෙ මදි මේවට නම්

      දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ, දිට්ඨධම්මවේදනීය කර්මය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

      Delete
  3. Gota kaleth oka thamai.habai eka waradi widiyata samajeta aran giya jeppo.gotawa hathurek wage pena widiyata.ehemai aragala athi kale.dan ekama karanna kiyanawa aragalen apu anduwa.redi andand katha karanne ammapa..

    ReplyDelete
  4. එහෙම බෑ නේ මේ ආණ්ඩුවෙ ඉන්න එව්වන්ට කාබනික පොහොර කියන්නේ වහකදුරු වගේනේ .මතකනේ එකපාරක් අමුඩ ගහගෙන පාරවල් වහගෙන පෙළපාළි ගිහින් නටපු ජෝගිය.ඩෝබි සිරසටත් කාබනික පෝර පෙන්නන්න බෑ මොකද උන්ගේ හාකෝස් පට්ටාස් විකුණන පෝර කොම්පණියට පාඩු වෙනව.ගිය ගමන උන්ගෙම නළුවෝ දාගන අධ්‍යක්ෂණය නිෂ්පාදනය ඔක්කොම කරගෙන කුඹුරු වල උද්ඝෝෂණය කරලා දේශපාලඥයෝ වගේ වෙස්මුණු දාගන ආපු කට්ටියට උන් ලව්ව ගස්සවලා breaking news දදා සැරෙන් සැරේ පෙන්නුවේ.

    ReplyDelete
  5. හොද වැඩේ ගොවීබ්ට. ගෝටාබය මැතිතුමා කියනකොට සමච්ව්හල් කරා. එදා කාබනික පෝර දැම්මනම් අද රසට ගුන කෑම කනවා. දැන් ඉතින්තොපි චන්දෙ දුන්න එවුන් කියන විදියට කොරපල්ලා.

    ReplyDelete
  6. China gu genath Gotabaya nidahas karanna,,, please mage deyyo. dan oyala padada jeppo nemene neda?

    ReplyDelete
  7. වැඩි වැඩියෙන් කාබනික පොහොර දාන්න නෙමේ පොන්සියෝ, ගෝඨාභය ජනාධිපතිතුමා කාබනික කෘෂිකර්මය හදුන්වන කොට තොපි ගොවියොත් එක්ක අමුඩ නැතුව හැම ගමක් ගමක් ගානෙම හැනමුනා. දැන් කටින්ද පුපෙන්ද කතා කරන්නේ. තොපිට හෙණ වැදිලා නවතින්නේ කරපු ආපරාද වලට කියපු බොරුවලට.

    ReplyDelete
Previous Post Next Post