ඔන්ලයින් ක‍්‍රීඩාවේ නියෝගය අනුව සිසුවා ගොඩනැගිල්ලෙන් පැන දිවි නසාගනී...


 කුරුණෑගල, උඩවල්පොල පිහිටි සිව්මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන 16 හැවිරිදි පාසල් සිසුවෙකු සිය දිවි හානිකර ගැනීමේ සිද්ධියක් පසුගිය සිකුරාදා (08 වැනිදා) අලුයම වාර්තා විය. 

ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ මෙම සිසුවා, මියයන අවස්ථාවේදී සියදිවි නසා ගැනීමට පෙළඹවීම් කරන අන්තර්ජාල ක්‍රීඩාවක (Online Game) නිරතව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලිෂියන් පෙරේරා මහතා විසින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කරන ලදී.

සිසුවා ඇද වැටුණු ස්ථානය සහ ඔහු පැන ඇති බවට සැලකෙන ඉහළ මහල පරීක්ෂා කිරීමේදී, ඔහුගේ පාවහන් යුගළ පිළිවෙළට තබා තිබියදී සොයාගෙන ඇත.

සිසුවා භාවිතා කළ ඔහුගේ පියාට අයත් ජංගම දුරකථනය අදාළ ස්ථානයේ තිබී හමු වූ අතර, එම මොහොතේදීත් එහි අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු විය.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

4 Comments

  1. හරියට ඡෙප්පෙක් වගේ නේ කියා හිතුනා.පැලවත්තේ ඕඩර්ස් ඒ විදියටම කරනවා හිතනවා ලියනවා.නමන්ගේ මොළය හෝදලා දාලා.

    ReplyDelete
    Replies
    1. Parent tells lies to save PR...

      Delete
    2. 😃🤣 මටත් මතක් උනේ කුණු ජෙප්පොන්වමයි. උන් මේ ජෙප්පොන්ව ගෙනාවේ මෙයාලා වැ‍රැද්දක් කරොත් ඉස්සෙල්ලම පාරට බහින්නේ අපි කියලා. 😃🤣😃🤣 ඒ වුනාට ගූ කඳු පිටින් හෝදන්නේ කුණුහරුප කිය කියා. 🤣😃

      Delete
  2. අපරාදේ මාලිමාවට එක ඡන්දයක් අඩු වුනා. පුන්නක්කු ප්‍රමාණය වැඩි වෙන්න ඇති. ජෙපි ආගම අනුව සමාදානයේ සැතපේවා!

    ReplyDelete
Previous Post Next Post