ප‍්‍රභාකරන්ගේ පෝස්ටර් තාප්පවල අලවයි...


 එල්.ටී.ටී.. ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම තුරන් කර වසර 17ක් සපිරෙන අවස්ථාවක, එම සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුවට සමාන රූප රැගත් පෝස්ටර් වගයක් පුත්තලම නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම අලවා තිබී ඇත.

(20) වැනිදා අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් පුත්තලම බස් නැවතුම්පොළ ඇතුළු ස්ථාන කිහිපයක මෙම පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණි.

ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳව පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත වහාම තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන තිබේ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නගරය පුරා විසිරී තිබූ එම පෝස්ටර් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිස් විමර්ශන පුළුල් මට්ටමින් ආරම්භ කර තිබේ.

ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට, අදාළ පිරිස කොටුකර ගැනීම සඳහා නගරයේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

6 Comments

  1. වඩිවේල් පොලිස් ඇමතියාගේ ගෝලයො වෙන්න ඇති.
    කොහොම උනත් කොටි පල්ලියත් එක්ක එකතු වෙලා මෙදා පාර හිතේ හැටියට කොටි සැමරුවා. 20,000ක් විතර මෙදා පාර ඇවිත් හිටියා. ඊලඟ අවුරුද්දේ ලක්ශයක් විතර එයි.
    අවුරුදු 2ක් යනකොට උන් තව නායකයෙක් හොයාගෙන අලුත් ගේමක් පටන් ගනීවි.
    සිංහල ගොන්නු අං එනකන් ඉන්නේ.

    ReplyDelete
  2. ඊළඟට පත් වෙන ආණ්ඩුවට විසඳපු කොටි ප්‍රශ්ණය නැවත විසඳන්න වෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. අරුන් යු ටියුබ් විඩියෝ එකක කියනවා මැයි 18දා ඔහුගේ කොක්කුවිල් ඔෆිස් එක ළඟ කොටි සිංඳු දාගෙන ඊළම් බැනර් එල්ලාගෙන මුල්ලිකායිවාල් කැඳ බෙදමින් සමාඡ මාධ්‍යවල දෙමළ සමුහඝාතන දවස කියා ගෙන සැමරුවා කියා.වහා අතඞංඟුවට ගනු.

      Delete
  3. සිංහලයා modaya
    කැවුම් කන්න යෝධයා.

    ReplyDelete
  4. හුන්ඩුවාගෙ පස්ස පැත්තෙ අලවන්න පාපිස්සොන්ට වැද වැටෙන්න පුලුවන් ඒක බලල.

    ReplyDelete
  5. ඉන්දියාවේ වත් වෙන්නේ නැති දේවල් ලංකාවේ වෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post